සූරා 10 · ජුස් 11
Yunus · 10:21
وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً مِنْ بَعْدِ ضَرَّاءَ مَسَّتْهُمْ إِذَا لَهُمْ مَكْرٌ فِي آيَاتِنَا ۚ قُلِ اللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ
ඔවුනට ඇති වූ පීඩාවන්ට පසු ජනයාට දයාවක් විඳවන්නට අපි සැලැස් වූ විට අපගේ වදන් වලට (බොරු කරමින්) කුමන්ත්රණයක් ඔවුහු යොදති. උපාය මාර්ග යෙදීමෙන් අල්ලාහ් අති වේගවත්ය. නියත වශයෙන්ම නුඹලා කුමන්ත්රණ කරන දෑ අපගේ දූතවරු සටහන් කරති. යැයි පවසනු.
තෆ්සීර්
දෙවියන්ට ආදේශ කරන්නන්හට අත් වූ නියඟය හා අභාග්යට පසු වර්ෂාව හා සශ්රිකභාවයෙන් වූ ආශිර්වාදයක් ඔවුනට අපි විඳින්නට සැලැස් වූ විට අපගේ සංඥාවන් හාස්යට ගෙන ඒවා බොරු කරති. අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන ඔවුනට නුඹ මෙසේ පවසනු. "උපාය මාර්ග යෙදීමෙහි අල්ලාහ් වේගවත්ය. එමෙන්ම නුඹලාව පියවරෙන් පියවර ග්රහණය කිරීමෙන් හා දඬුවම් කිරීමෙන් ද ඔහු වේගවත්ය. සැබැවින්ම නුඹලා කවර කුමන්ත්රණයක් සැලසුම් කරන්නේ ද එය සටහන් කරන මලක්වරුන් විසින් ලියනු ඇත. ඔවුනට ඉන් කිසිවක් මග හැරෙන්නේ නැත. ඔවුන් මැවූ මැවුම්කරුට මග හැරෙනුයේ කෙසේ ද? නුඹලාගේ කුමන්ත්රණ සඳහා අල්ලාහ් නුඹලාට ප්රතිවිපාක පිරිනමනු ඇත."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න