සූරා 10 · ජුස් 11
Yunus · 10:15
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ ۙ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَٰذَا أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِنْ تِلْقَاءِ نَفْسِي ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۖ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මා හට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස මම අනුගමනය නොකරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳ ව සැබැවින්ම මම බිය වෙමි යැයි (නබිවරය) නුඹ පවසනු.
තෆ්සීර්
අල්ලාහ්ගේ ඒකීයත්වය නිරූපණය කරන පැහැදිලි අල් කුර්ආනීය පාඨ ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට, කුසල් බලාපොරොත්තු නොවන, දඬුවමට බිය නොවන, නැවත නැගිටුවීම පිළිකුල් කරන්නන්, “අහෝ මුහම්මද්! අපගේ ආශාවන්ට අනුකූල ව පැවැති ඇතැම් දෑ හෝ මුළුමණින්ම හෝ වෙනස් කරන, පිළිමවලට හෝ ඒ හැර වෙනත් දෑට වැඳුම් පිඳුම් කිරීම ගැන දොස් නගන කරුණු ඇතුළත් මෙම කුර්ආනය හැර වෙනත් කුර්ආනයක් අප වෙත ගෙන එන්න.” යැයි පවසති. අහෝ දූතය! ඔවුනට මෙසේ පවසනු. “එය වෙනස් කිරීමට මා සුදුස්සෙකු නො වෙමි. එමෙන්ම ඒ හැර වෙනත් දෙයක් ගෙන එන්නට ද මා හැකියාව නො දරමි. එහි ඇති දෑ තම කැමැත්තට අනුව වෙනස් කරන්නා ඒකීය අල්ලාහ්ය. මා වෙත අල්ලාහ් දන්වා සිටින දෑ හැර වෙනත් දෙයක් මම අනුගමනය නො කරමි. නුඹලා පතන දෑ සඳහා මම නුඹලාට පිළිතුරු දීමෙන් මම අල්ලාහ්ට පිටුපෑවේ නම් මහත් වූ දිනයේ දඬුවමට ලක්වීම ගැන සැබැවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙනු නැගිටුවනු ලබන දිනයයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න