සූරා 10 · ජුස් 11
Yunus · 10:104
قُلْ يَا أَيُّهَا النَّاسُ إِنْ كُنْتُمْ فِي شَكٍّ مِنْ دِينِي فَلَا أَعْبُدُ الَّذِينَ تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ وَلَٰكِنْ أَعْبُدُ اللَّهَ الَّذِي يَتَوَفَّاكُمْ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُؤْمِنِينَ
අහෝ ජනයිනි ! මාගේ දහම පිළිබඳ සැකයෙහි නුඹලා පසුවන්නෙහු නම් එවිට (දැන ගනු) අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ගැතිකම් කරන අයට මම ගැතිකම් නොකරමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ට ගැතිකම් කරමි. දේව විශ්වාසවන්තයින් අතුරින් මා වන්නට මම අණ කරනු ලැබුවෙමි.
තෆ්සීර්
“මා නුඹලා ඇරයුම් කරන තව්හීද් හෙවත් ඒකීය දේවත්වයේ දහම වන මාගේ දහම සම්බන්ධයෙන් නුඹලා සැකයෙහි වී නම් නුඹලාගේ දහම අර්බුධකාරී දහමක් බවට මා ස්ථීර ව සිටිමි. මම එය අනුගමනය නොකරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑට මම නොනමදිමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ව නමදිමි. ඔහුට පමණක් දහම පුද කර අවංක හා නිවැරදි දේව විශ්වාසීන් අතරට මා පත්වන මෙන් ඔහු මට නියෝග කර ඇත.” යැයි අහෝ දූතය! නුඹ පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න