සූරා 10 · ජුස් 11

Yunus · 10:88

وَقَالَ مُوسَىٰ رَبَّنَا إِنَّكَ آتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُ زِينَةً وَأَمْوَالًا فِي الْحَيَاةِ الدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا عَنْ سَبِيلِكَ ۖ رَبَّنَا اطْمِسْ عَلَىٰ أَمْوَالِهِمْ وَاشْدُدْ عَلَىٰ قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ

අපගේ පරමාධිපතියාණනි! නුඹ ෆිර්අවුන්ට හා ඔහුගේ ප්‍රධානීන් හට නුඹගේ මාර්ගයෙන් ඔවුන් නොමඟ යනු පිණිස මෙලොව ජීවිතයේ වස්තුව හා අලංකාරය පිරිනැමුවෙහිය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ වස්තුව විනාශ කරනු. තවද ඔවුන්ගේ හදවත් බැඳ දමනු. ඔවුන් එම වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නොකරනු ඇත.

තෆ්සීර්

මූසා (අලය්හිස් සලාම්)තුමා මෙසේ පැවසූහ: “අපගේ පරමාධිපතියාණනි! සැබැවින් ඔබ ෆිර්අවුන්ටත් ඔහුගේ ජනයා අතර සිටින ප්රභූවරුන්ටත් මෙලොව අලංකාරයත් එහි ඇති සුන්දරභාවයත් පිරිනමා ඇත්තෙහිය. එමෙන්ම මෙලොව ජීවිතයේ ධන සම්පත ද ඔබ ඔවුනට පිරිනමා ඇත්තෙහිය. නමුත් ඔබ ඔවුනට පිරිනැමූ දෑ වෙනුවෙන් ඔවුහු ඔබට කෘතඥ වූයේ නැත. ඔබේ මාර්ගයෙන් නොමග යැවීම සඳහා ඔවුන් ඒවා යොදා ගත්තෝය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ ධනය අතුගා දමා විනාශ කරනු මැනව. ඔවුන්ගේ හදවත් තද කරනු මැනව. හේතුව ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්රයෝජනවත් නොවන අවස්ථාවෙහි ඔවුන් වේදනීය දඬුවම දැකීමෙන් මිස ඔවුන් විශ්වාස නොකරන බැවිණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න