සූරා 10 · ජුස් 11
Yunus · 10:87
وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَنْ تَبَوَّآ لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَاجْعَلُوا بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُوا الصَّلَاةَ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ
තවද ‘මිසරය නුඹලා දෙදෙනාගේ ජනයා වෙනුවෙන් වාසස්ථාන ලෙසට නුඹලා දෙදෙනා ගනු. තවද නුඹලාගේ වාසස්ථාන (නැමදුම්) දිශාව බවට නුඹලා පත් කර ගනු. තවද සලාතය විධිමත් ලෙස ඉටු කරනු. තවද දේව විශ්වාසවන්තයින්ට ශුභාරංචි දන්වනු’ යැයි අපි මූසා හා ඔහුගේ සහෝදරයා වෙත දන්වා සිටියෙමු.
තෆ්සීර්
සැබැවින්ම මූසා හා ඔහුගේ සහෝදර හාරූන්ට ඔවුන් දෙදෙනා දෙවියන් විසින් තෝරා ගෙන ඇති බව ද ඔහුට පමණක් නැමදුම් කිරීම සඳහා ඔවුන් දෙදෙනාගේ සමූහයා වෙනුවෙන් නිවසක් ඉදි කර දෙන මෙන් ද බය්තුල් මක්දිස් දිශාවට මුහුණ ලා ඔවුන්ගේ නිවස ඔවුන් තනා ගන්නා මෙන් ද සලාතය සඳහා පූර්ණ ලෙස සහභාගී වන මෙන් ද අපි ඔවුන් දෙදෙනාට දේව පණිවිඩ එව්වෙමු. අහෝ මූසා! දේවත්වය විශ්වාස කරන්නන්හට ඔහුගේ උපකාරය හා ඔවුන් ස්ථාවරත්වයට පත් කිරීම, එමෙන්ම ඔවුන්ගේ සතුරන් විනාශ කර දමා මහපොළොවේ නියෝජනය ඔවුනට ලබා දීම යනාදී ඔවුන් සතුටු වන කරුණු පිළිබඳ තොරතුරු ඔබ ඔවුනට දන්වා සිටිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න