සූරා 10 · ජුස් 11
Yunus · 10:81
فَلَمَّا أَلْقَوْا قَالَ مُوسَىٰ مَا جِئْتُمْ بِهِ السِّحْرُ ۖ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ ۖ إِنَّ اللَّهَ لَا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ
ඔවුන් හෙළු කල්හි ‘නුඹලා කවර දෙයක් ගෙන ආවද එය හූනියමකි. නියත වශයෙන්ම අල්ලාහ් එය නිෂ්ඵල කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් කලහකාරීන්ගේ ක්රියාව විධිමත් නොකරනු ඇත’ යැයි මූසා පැවසුවේය.
තෆ්සීර්
ඔවුන් සතු ඉන්ද්රජාලයන් ඔවුන් විසි කළ කල්හි “නුඹලා මතු කළ දෑ ඉන්ද්රජාලයකි. නුඹලා සිදු කළ දෑ නිෂ්ඵල මෙන් ම එය බල රහිත බවට සැබැවින්ම අල්ලාහ් පත් කරනු ඇත. සැබැවින්ම නුඹලාගේ සූනියම් තුළින් නුඹලා මහපොළොවේ කලහකාරී ලෙස කටයුතු කර ඇත. කලහකාරී කිසිවකුගේ ක්රියාවන් අල්ලාහ් විධිමත් කරන්නේ නැත." යැයි මූසා ඔවුනට පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න