සූරා 10 · ජුස් 11

Yunus · 10:83

فَمَا آمَنَ لِمُوسَىٰ إِلَّا ذُرِّيَّةٌ مِنْ قَوْمِهِ عَلَىٰ خَوْفٍ مِنْ فِرْعَوْنَ وَمَلَئِهِمْ أَنْ يَفْتِنَهُمْ ۚ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِي الْأَرْضِ وَإِنَّهُ لَمِنَ الْمُسْرِفِينَ

ෆිර්අවුන්ගෙන් හා ඔහුගේ ප්‍රධානීන්ගෙන් තමන්ට කලහකම් සිදු වනු ඇතැයි යන බිය හේතුවෙන් ඔහුගේ ජනයාගෙන් පරපුරක් හැර මූසා ව විශ්වාස නොකළේය. තවද නියත වශයෙන්ම ෆිර්අවුන් මහපොළොවේ මැරවරයෙක් විය. තවද නියතවශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතුරිනි.

තෆ්සීර්

ජනයා පිටුපෑමට අධිෂ්ඨාන කර ගත්හ. මූසා අලය්හිස් සලාම් තුමා පැහැදිලි සාක්ෂි හා භෞතික සාධක ගෙන ආව ද ඉස්රාඊල් දරුවන්ගෙන් තරුණ පිරිසක් හැර වෙනත් අය මූසා තුමා සත්යය බව පිළිගත්තේ නැත. ඔවුන් පවා, තම කරුණ හෙළී වූයේ නම් ෆිර්අවුන් හා ඔහුගේ පිරිස අතර සිටි ප්රභූවරුන් තමන්ට දඬුවම් ලබා දෙමින් දේව විශ්වාසයෙන් තමන් වෙනතකට යොමු කරනු ඇතැයි යන බියෙන් පසුවූහ. සැබැවින්ම ෆිර්අවුන් අහංකාර මෙන්ම මිසරය හා එහි වැසියන් පාලනය කළ දැඩි පාලකයකු විය. දෙවියන් ප්රතික්ෂේප කිරීමෙහි ද මිනිසුන් ඝාතනය කිරීමෙහි ද ඉස්රාඊල් දරුවන්ට දඬුවම් දීමෙහි ද සීමාව ඉක්මවා කටයුතු කළ අය අතරින් කෙනෙකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න