සූරා 10 · ජුස් 11
Yunus · 10:101
قُلِ انْظُرُوا مَاذَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَا تُغْنِي الْآيَاتُ وَالنُّذُرُ عَنْ قَوْمٍ لَا يُؤْمِنُونَ
අහස්හි හා මහපොළොවේ කුමක් ඇත්තේ දැයි නුඹලා සිතා බලනු. විශ්වාස නොකරන ජනයාට සංඥාවන් හා අවවාදයන් ප්රයෝජනවත් නොවනු ඇතැයි (නබි මුහම්මද්!) නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! සාක්ෂි හා සාධක පිළිබඳ නුඹෙන් විමසන දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන අහස්හි හා මහපොළොවේ දක්නට ඇති සාධක දෙස නුඹ කල්පනාකාරීව සිතා නොබැලුවෙහිද? විශ්වාස කිරීමට සූදානමක් නැති පිරිසකට ඔවුන් දේව ප්රතික්ෂේපයේ නිරත ව සිටින බැවින් සාක්ෂි සාධක හා දූතවරුන් කෙතරම් පහළ වුවද ඉන් කිසිදු ඵලක් නොවන්නේය."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න