සූරා 10 · ජුස් 11
Yunus · 10:68
قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا ۗ سُبْحَانَهُ ۖ هُوَ الْغَنِيُّ ۖ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ إِنْ عِنْدَكُمْ مِنْ سُلْطَانٍ بِهَٰذَا ۚ أَتَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
අල්ලාහ් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු (ඔවුන් පවසන දැයින්) සුපිවිතුරුය. ඔහු පොහොසත් (අවශ්යතාවන්ගෙන් තොර)ය. අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු සතුය. (නුඹලා පවසන) ඒ ගැන කිසිදු සාධකයක් නුඹලා වෙත නැත. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි පවසන්නෙහු ද?
තෆ්සීර්
දෙවියන්ට ආදේශ තැබූ පිරිසක්, “අල්ලාහ් දේව දූතයින් ගැහැණු දරුවන් ලෙස ගෙන ඇතැ”යි පවසති. ඔවුන්ගේ ප්රකාශයෙන් අල්ලාහ් සුවි ශුද්ධය. ඔහු ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන් ගෙන් තොරය. අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය ඔහු සතුය. නුඹලාගේ මේ ප්රකාශය සඳහා කිසිදු සාධකයක් නුඹලා වෙත නැත. කිසිදු සාධකයකින් තොරව නුඹලා යථාර්ථය නොදැන අල්ලාහ්ට දරුවෙක් ඇති බව ඈඳමින් ඔහු කෙරෙහි අති බැරෑරුම් ප්රකාශයක් කරන්නෙහු ද?
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න