සූරා 10 · ජුස් 11
Yunus · 10:67
هُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَسْمَعُونَ
නුඹලා එහි සැනසුම ලබනු පිණිස රාත්රිය ද, පෙනෙන්නට ආලෝකමත් ලෙසින් දහවල ද නුඹලාට ඇති කළේ ඔහුය. සැබැවින්ම සවන් දෙන ජනයාට මෙහි සංඥාවන් ඇත.
තෆ්සීර්
අහෝ ජනයිනි! වෙහෙස මහන්සියෙන් හා කටයුතු වලින් දුරස් ව නුඹලා සැනසුම ලබනු පිණිස නුඹලාට රාත්රිය ඇති කළේ ඔහුය. එමෙන්ම නුඹලාගේ ජීවන ගමනෙහි නුඹලාට සෙත සලසන අයුරින් එහි ජීවනෝපාය සඳහා දහවල අලෝකමත් කළේද ඔහුය. පිළිගෙන සාවධානයෙන් සවන් දෙන පිරිසකට එහි පැහැදිළි සාධක ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න