සූරා 10 · ජුස් 11
Yunus · 10:76
فَلَمَّا جَاءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوا إِنَّ هَٰذَا لَسِحْرٌ مُبِينٌ
අප වෙතින් ඔවුනට සත්යය පැමිණි කල්හි ‘නියත වශයෙන්ම මෙය පැහැදිලි හූනියමකි’ යැයි ඔවුහු පැවසුවෝය.
තෆ්සීර්
මූසා හා හාරූන් (අලය්හිමස් සලාම්) කවර දෙයක් ගෙන ආවේ ද එම දහම ෆිර්අවුන් වෙත හා ඔහුගේ ජනයා අතර සිටි ප්රභූවරුන් වෙත පැමිණි කල්හි මූසා (අලය්හිස් සලාම්) තුමා විසින් ගෙන ආ දෑ තහවුරු කරන සංඥාවන් ගැන “සැබැවින්ම මෙය පැහැදිලි මායාවකි. සත්යයක් නොවන්නේය” යැයි ඔවුහු පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න