සූරා 10 · ජුස් 11
Yunus · 10:24
إِنَّمَا مَثَلُ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ مِمَّا يَأْكُلُ النَّاسُ وَالْأَنْعَامُ حَتَّىٰ إِذَا أَخَذَتِ الْأَرْضُ زُخْرُفَهَا وَازَّيَّنَتْ وَظَنَّ أَهْلُهَا أَنَّهُمْ قَادِرُونَ عَلَيْهَا أَتَاهَا أَمْرُنَا لَيْلًا أَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَصِيدًا كَأَنْ لَمْ تَغْنَ بِالْأَمْسِ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ
මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. එවිට මිනිසුන් හා ගොවිපළ සතුන් ආහාරයට ගන්නා දැයින් මහපොළොවේ ඇති පැළෑටි ඒ සමඟ මුසු වෙයි. මහපොළොව එහි සරුසාරවත් භාවය ගෙන එය අලංකාරවත් වෙයි. එහි වැසියෝ නියත වශයෙන්ම ඒ මත තමන් බලය දරන්නන් බව සිතති. (එවිට) රාත්රියේ හෝ දහවලේ අපගේ නියෝගය ඒ වෙත පැමිණියේය. පසු ව එය නෙළනු ලැබූ පාළු භූමියක් බවට අපි එය පත් කළෙමු. එය පෙරදින කිසිදු ප්රයෝජනයක් නොගත්තාක් මෙන් විය. වටහා ගන්නා ජනයාට මෙම වදන් අපි පැහැදිලි කරනුයේ මෙලෙසය.
තෆ්සීර්
නුඹලා භුක්ති විඳින ඉතා ඉක්මණින් අවසන් වී යන මෙලොව ජීවිතයට උපමාව වනුයේ වර්ෂාවකි. එමගින් මහපොළොවේ, පැලෑටි මිනිසුන් අනුභව කරන ධාන්ය පළතුරු වැනි දෑ හා සතුන් අනුභව කරන තණකොළ හා වෙනත් දෑ සමග මිශ්ර වී මහපොළොව නිල්වන් බවට පත් වෙයි. හට ගන්නා පැළෑටි වර්ගවලින් මහපොළොව ආලංකාරමත් වෙයි. හට ගැනුනු අස්වැනු නෙලන්නට හා කඩන්නට තමන් ශක්තිය ඇත්තෝ වෙතැයි එහි වැසියන් සිතති. නමුත් එය විනාශ කර දැමීමේ අපගේ නියෝගය ඒ වෙත පැමිණෙයි. පසුව අපි ඉතා කෙටි කාලයක් තුළ එහි ගස් හා පැලෑටි නොවැඩුණාක් මෙන් නෙළන ලද භූමියක් බවට අපි එය පත් කරන්නෙමු. මෙලොව ජීවිතයේ තත්ත්වය හා එය ඉතා ඉක්මණින් අවසන් වීම ගැන අපි නුඹලාට පැහැදිළි කළාක් මෙන් ඒ බව සැලකිලිමත් වන හා මෙනෙහි කරන ජනයාට සාක්ෂි හා සාධක අපි පැහැදිලි කරන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න