සූරා 10 · ජුස් 11
Yunus · 10:78
قَالُوا أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا وَتَكُونَ لَكُمَا الْكِبْرِيَاءُ فِي الْأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ
අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවේ ද එයින් ඔබ අප වෙනතකට යොමු කිරීමටත් මහපොළොවේ උසස්කම නුඹලා හිමි කර ගන්නටත් නුඹලා අප වෙත පැමිණියේ ද? නමුත් නුඹලා දෙදෙනා ව අපි විශ්වාස කරන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසූහ.
තෆ්සීර්
ෆිර්අවුන්ගේ ජනයා මූසා (අලය්හිස් සලාම්) තුමාට පිළිතුරු දෙමින්, “අපගේ මුතුන් මිත්තන් කවර දහමක සිටිනු අප දැක තිබේ ද එයින් අප වෙනතකට යොමු කිරීමටත්, නුඹට හා නුඹේ සහෝදරයාට රාජ්ය බලය හිමිවීමටත් ඔබ අපට මෙම හූනියම ගෙන ආවෙහි ද? අහෝ මූසා හා හාරූන්! සැබැවින්ම නුඹලා දෙදෙනා අප වෙත එවනු ලැබූ දූතවරු දෙදෙනෙක් බව අපි කිසිවිටෙක පිළිනොගන්නෙමු.” යැයි පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න