සූරා 10 · ජුස් 11

Yunus · 10:18

وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَيَقُولُونَ هَٰؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللَّهِ ۚ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

අල්ලාහ් හැර ඔවුනට පීඩාවක් නොකරන එමෙන්ම ඔවුනට ප්‍රයෝජනවත් නොවන දෑට ඔවුහු ගැතිකම් කරන්නෙහු ද? ‘මොවුහු අල්ලාහ් වෙතින් වූ අපගේ මැදිහත්කරුවෝ’ යැයි ඔවුහු පවසති. ‘අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ’යි නුඹ අසනු. ඔහු සුපිවිතුරුය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.

තෆ්සීර්

දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ් ව හැරදමා දෙවිවරන් යැයි කියා ගන්නා කිසිදු සෙතක් හෝ හානියක් හෝ සැලසිය නොහැකි දෙවිවරුන් නමදිති. සැබෑ ලෙස නැමදුමට ලක් වන්නා ඔහු අභිමත කරන විට සෙත සළසනු ඇත. එමෙන්ම ඔහු අභිමත කරන විට හානිය ද ඇති කරනු ඇත. ඔවුන් නැමදුම් කරන දෑ පිළිබඳව මෙසේ පවසති. “මොවුන් අල්ලාහ් අබියස අප වෙනුවෙන් පෙනී සිටින මැදිහත්කරුවෝ වෙති. එහෙයින් අපගේ පාපකම් හේතුවෙන් ඔහු අපට දඬුවම් නොකරනු ඇත.” අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු."අහස් හි හෝ මහපොළොවෙ හි කිසිදු හවුල්කරුවකු සිටින බව ඔහුට දැනගන්නට නැති තත්ත්වයේ සැබැවින්ම තමන්ට හවුල්කරුවෙකු සිටින බව නුඹලා ඔහුට තොරතුරු දන්වා සිටින්නෙහු ද? ව්යාජ ලෙස හා අසත්ය ලෙස දෙවියන්ට ආදේශ තබන්නන් පවසන දැයින් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න