සූරා 10 · ජුස් 11

Yunus · 10:31

قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرَ ۚ فَسَيَقُولُونَ اللَّهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ

අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්‍රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැයි (නබිවරය) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත්ව කටයුතු කළ යුතු නොවේ දැයි නුඹ විමසනු.

තෆ්සීර්

අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබන මොවුන්ගෙන් නුඹ මෙසේ විමසනු. අහසින් නුඹලාට වර්ෂාව පහළ කරවා නුඹලාගේ පෝෂණය නුඹලාට පිරිනමනුයේ කවුරුන්ද? මහපොළොවෙන් පැලෑටි හා නුඹලා පරිහරනය කරන ඛනිජ වස්තු හට ගන්වා එමගින් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරුන් ද? මිනිසා ශුක්රාණුවෙන් හා පක්ෂීන් බිත්තරයෙන් යනාදී ආකාරයෙන් අප්රාණ වස්තුවකින් ජීවී වස්තූන් මතු කරනුයේ කවුරුන් ද? එමෙන්ම සතුන්ගෙන් ශුක්රාණුව හා පක්ෂීන්ගෙන් බිත්තරය යනාදී ආකාරයෙන් ජීවී වස්තුවකින් අප්රාණික වස්තූන් මතු කරනුයේ කවුරුන් ද? අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති සෙසු මැවීම් ද සැලසුම් කරනුයේ කවුරුන් ද? යැයි විමසනු. එවිට ඔවුන්ගේ පිළිතුරු වනුයේ සැබැවින්ම මේ සියල්ල සිදු කරන්නා අල්ලාහ්ය යන්නයි. එවිට නුඹ ඔවුනට මෙසේ පවසනු. ඒ පිළිබඳ නුඹලා දැනුවත් විය යුතු නොවේ ද? අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළ යුතු නොවේ ද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න