සූරා 10 · ජුස් 11
Yunus · 10:13
وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونَ مِنْ قَبْلِكُمْ لَمَّا ظَلَمُوا ۙ وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا ۚ كَذَٰلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ
තවද නුඹලාට පෙර විසූ පරම්පරාවන් ඔවුන් අපරාධ කළ කල්හි සැබැවින්ම අපි විනාශ කළෙමු. තවද ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සංඥා සමඟ පැමිණියහ. නමුත් ඔවුහු විශ්වාස කරන්නට නොවූහ. වැරදිකාරී ජනයාට අපි ප්රතිඵල පිරිනමනුයේ එලෙසය.
තෆ්සීර්
අහෝ ආදේශ තබන්නනි! නුඹලාට පෙර විසූ ජන සමූහයා අල්ලාහ්ගේ දූතවරුන් බොරු කළ හෙයින් ද ඔවුන් පාපකම් සිදු කළ හෙයින් ද අපි ඔවුන් විනාශ කළෙමු. ඔවුන් වෙත අප එවූ ඔවුන්ගේ දූතවරුන් ඔවුන් කවර කරුණක් තම පරමාධිපති වෙතින් ගෙන ආවේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සත්යභාවය පෙන්වා දෙන පැහැදිළි සාධක ඔවුන් වෙත ගෙන ආවෝය.නමුත් දෙවියන් විශ්වාස කිරීමට ඔවුන් සූදානම් නොවූ බැවින් විශ්වාස කිරීම ඔවුනට ස්ථීර නොවීය. එහෙයින් අල්ලාහ් ඔවුන් පහත් තත්ත්වයට පත් කළේය. ඒ සඳහා ඔවුනට ආශිර්වාද නොකළේය. මෙම අපරාධකාරී සමූහයාට අපි ප්රතිඵල පිරුනැමුවාක් මෙන් සෑම කාලයකම සෑම ස්ථානයකම ඔවුන් මෙන් හැසිරෙන්නන්හට අපි ප්රතිඵල පිරිනමන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න