සූරා 10 · ජුස් 11
Yunus · 10:41
وَإِنْ كَذَّبُوكَ فَقُلْ لِي عَمَلِي وَلَكُمْ عَمَلُكُمْ ۖ أَنْتُمْ بَرِيئُونَ مِمَّا أَعْمَلُ وَأَنَا بَرِيءٌ مِمَّا تَعْمَلُونَ
තවද ඔවුහු නුඹ ව බොරු කළේ නම් ‘මාගේ ක්රියාව මට සතුය නුඹලාගේ ක්රියාව නුඹලාට සතුය. නුඹලා මම කරන දැයින් මිදෙන්නන් වෙති. මාද නුඹලා කරන දැයින් මිදෙන්නෙකු වෙමි’ යැයි එවිට නුඹ පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! ඔබේ සමූහයා ඔබ ව බොරු කරන්නේ නම් ඔබ: “මාගේ ක්රියාවෙහි කුසල් මා සතුය. මාගේ ක්රියාවෙහි ප්රතිවිපාකය මා විසින් දරමි. නුඹලාගේ ක්රියාවේ කුසල් නුඹලා සතුය එහි දඬුවමද නුඹලා සතුය. මා විසින් සිදු කරන දෑ සඳහා වූ දඬුවමින් නුඹලා නිදහස් වෙති. නුඹලා සිදු කරන දෑ සඳහා වූ දඬුවමින් මම නිදිහස් වෙමි.”යැයි ඔවුනට පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න