සූරා 10 · ජුස් 11
Yunus · 10:2
أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَا إِلَىٰ رَجُلٍ مِنْهُمْ أَنْ أَنْذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِينَ آمَنُوا أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِنْدَ رَبِّهِمْ ۗ قَالَ الْكَافِرُونَ إِنَّ هَٰذَا لَسَاحِرٌ مُبِينٌ
‘නුඹ ජනයාට අවවාද කරනු. තවද විශ්වාස කළවුන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස සැබැවින්ම සැබෑ පෙරමුණක් ඇති බව ශුභාරංචි දන්වනු’ යැයි නියෝග කරමින් ඔවුන් අතුරින් වූ මිනිසෙකු වෙත අපි දේව පණිවිඩ දන්වා සිටීම ජනයා ව පුදුම කරවන්නක් වී ද? නියත වශයෙන්ම මොහු පැහැදිලි හූනියම්කරුවකු යැයි දේව ප්රතික්ෂේපකයෝ පැවසුවෝය.
තෆ්සීර්
අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන මෙන් අණ කරමින් මිනිස් වර්ගයා අතරින්ම වූ මිනිසෙකු වෙත දිව්යමය පණිවිඩ අපි පහළ කර තිබීම ඔවුන් මවිතයට පත් වන කරුණක් වීද? අහෝ දූතය! අල්ලාහ් ව විශ්වාස කළවුනට ඔවුන් සතුටු වන පරිදි ඔවුන් කල් ඇතිව සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල වශයෙන් උසස් නිලයක් ඔවුන්ගේ පරමාධිපති අසළ ඇති බව දන්වා සිටිනු. දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙම පාඨය ගෙන ආ මෙම පුද්ගලයා පැහැදිලි ව හූනියම් කරුවෙකි යැයි පවසා සිටියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න