Muhammad

سورة محمد

සූරා 47 · මදීනා · 38 පද

47:1ජුස් 26 · පි. 507

الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ أَضَلَّ أَعْمَالَهُمْ1

ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වැළැක්වූ වන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නැතිකර දැමීය.
47:2ජුස් 26 · පි. 507

وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ2

තවද විශ්වාස කොට යහකම් සිදු කොට මුහම්මද් වෙත පහළ කරනු ලැබූ දෑ එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි යැයි විශ්වාස කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු ඉවත් කරයි. තවද ඔවුන්ගේ තත්ත්වය ඔහු විධිමත් කර දෙයි.
47:3ජුස් 26 · පි. 507

ذَٰلِكَ بِأَنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِنْ رَبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ3

එයට හේතුව නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් නිෂ්ඵල දෑ අනුගමනය කළ බැවින් හා විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය අනුගමනය කළ බැවිණි. මිනිසුනට ඔවුන්ගේ උපමාවන් අල්ලාහ් ගෙන හැර පානුයේ එලෙසය.
47:4ජුස් 26 · පි. 507

فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَاءُ اللَّهُ لَانْتَصَرَ مِنْهُمْ وَلَٰكِنْ لِيَبْلُوَ بَعْضَكُمْ بِبَعْضٍ ۗ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَنْ يُضِلَّ أَعْمَالَهُمْ4

එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් නුඹලා (යුද බිමේ) හමු වූ විට (ඔවුන්ගේ) ගෙලවල් වෙතට පහර දෙනු. අවසානයේ නුඹලා ඔවුන් අභිභවනය කර ගත් විට යුද්ධය තම ආයුධ බිම තබන තෙක් (ඔවුන්) ග්‍රහණය කිරීම නුඹලා තදින්ම සිදු කරනු. එය පසු අනුග්‍රහ දැක්වීමක් හෝ වන්දි ලබා ගැනීමක් විය හැක. මෙය (අල්ලාහ්ගේ නියෝගය) වේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔවුන්ගෙන් ඔහුම විපාකඵලය ගනු ඇත. නමුත් (ඔහු එසේ සිදු නොකළේ) නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් ඔහු පරීක්ෂාවට පත් කරනු පිණිසය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් අහිමි වී යන්නට ඔහු ඉඩ හරින්නේ නැත.
47:5ජුස් 26 · පි. 507

سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ5

ඔහු ඔවුනට මතු මග පෙන්වනු ඇත. තවද ඔවුන්ගේ තත්ත්වයන් ඔහු විධිමත් කරනු ඇත.
47:6ජුස් 26 · පි. 507

وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ6

ඔවුනට ඔහු (හඳුන්වා දී) දැනුවත් කළ (ස්වර්ග) උයනට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත.
47:7ජුස් 26 · පි. 507

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ7

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළේ නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තවද නුඹලාගේ පාද ඔහු ස්ථාවර කරනු ඇත.
47:8ජුස් 26 · පි. 507

وَالَّذِينَ كَفَرُوا فَتَعْسًا لَهُمْ وَأَضَلَّ أَعْمَالَهُمْ8

තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට විනාශයයි. තවද ඔහු ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නැතිකර දැමීය.
47:9ජුස් 26 · පි. 507

ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا مَا أَنْزَلَ اللَّهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ9

එය නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේය.
47:10ජුස් 26 · පි. 507

۞ أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ دَمَّرَ اللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَافِرِينَ أَمْثَالُهَا10

මහපොළොවේ ගමන් කර ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු අධීක්ෂණයෙන් නොබලන්නෝද? අල්ලාහ් ඔවුන් මුළුමණින්ම විනාශ කළේය. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට ද ඒ හා සමානය.
47:11ජුස් 26 · පි. 507

ذَٰلِكَ بِأَنَّ اللَّهَ مَوْلَى الَّذِينَ آمَنُوا وَأَنَّ الْكَافِرِينَ لَا مَوْلَىٰ لَهُمْ11

එය, විශ්වාස කළවුන්ගේ ආරක්ෂකයා නියත වශයෙන්ම අල්ලාහ් වන බැවින් ද නියත වශයෙන්ම දේව ප්‍රතික්ෂේපකයින්ට ආරක්ෂකයකු නැති බැවින් ද වේ.
47:12ජුස් 26 · පි. 508

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَهُمْ12

විශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු (දඬුවම) භුක්ති විඳිති. තවද (මොලොව භුක්ති විඳින්නන්) ගොවිපළ සතුන් අනුභව කරන්නාක් මෙන් අනුභව කරති. තවද (නිරා) ගින්න ඔවුනට හිමි නවාතැනයි.
47:13ජුස් 26 · පි. 508

وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ هِيَ أَشَدُّ قُوَّةً مِنْ قَرْيَتِكَ الَّتِي أَخْرَجَتْكَ أَهْلَكْنَاهُمْ فَلَا نَاصِرَ لَهُمْ13

නුඹ ව පිටමං කළ ඔබේ ගම්මානයට වඩා, වඩාත් බලවත් වූ ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමුද? එවිට ඔවුනට කිසිදු උදව්කරුවෙකු නොවීය.
47:14ජුස් 26 · පි. 508

أَفَمَنْ كَانَ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّهِ كَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ14

තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටින්නා තම නපුරු ක්‍රියාව ඔහුට අලංකාර කර පෙන්වනු ලැබ තම ආශාවන් අනුගමනය කළ අය මෙන් ද?
47:15ජුස් 26 · පි. 508

مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ فِيهَا أَنْهَارٌ مِنْ مَاءٍ غَيْرِ آسِنٍ وَأَنْهَارٌ مِنْ لَبَنٍ لَمْ يَتَغَيَّرْ طَعْمُهُ وَأَنْهَارٌ مِنْ خَمْرٍ لَذَّةٍ لِلشَّارِبِينَ وَأَنْهَارٌ مِنْ عَسَلٍ مُصَفًّى ۖ وَلَهُمْ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَمَغْفِرَةٌ مِنْ رَبِّهِمْ ۖ كَمَنْ هُوَ خَالِدٌ فِي النَّارِ وَسُقُوا مَاءً حَمِيمًا فَقَطَّعَ أَمْعَاءَهُمْ15

බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ස්වභාවය පල් නොවන ජලයෙන් යුත් ගංගා ද එහි රසය වෙනස් නොවන කිරි පානයෙන් යුත් ගංගා ද පානය කරන්නන්හට රසවත් මුද්‍රිකපානයෙන් යුත් ගංගා ද පිරිසිදු කරන ලද මී පැණියෙන් යුත් ගංගා ද ඇත. තවද ඔවුනට එහි සියලු පලතුරු ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සමාව ද ඇත. ඔහු (නිරා) ගින්නේ සදාතනිකයෙකු මෙන් ද? තවද (එවන් නිරාවාසීන් වන) ඔවුනට ලෝ දිය පොවනු ලැබේ. එවිට එය ඔවුන්ගේ බඩවැල් කැබලි කරයි.
47:16ජුස් 26 · පි. 508

وَمِنْهُمْ مَنْ يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰ إِذَا خَرَجُوا مِنْ عِنْدِكَ قَالُوا لِلَّذِينَ أُوتُوا الْعِلْمَ مَاذَا قَالَ آنِفًا ۚ أُولَٰئِكَ الَّذِينَ طَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ16

තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. නුඹ වෙතින් ඔවුන් පිට ව ගිය විට මොහු මොහොතකට පෙර කුමක් පැවසුවේ දැ?යි ඥානය දෙනු ලැබූවනට ඔවුහු (සමච්චලයෙන් යුතු ව) විමසති. තම හදවත් මත අල්ලාහ් මුද්‍රා තැබූ හා තම ආශාවන් අනුගමනය කළවුන් මොවුහුමය.
47:17ජුස් 26 · පි. 508

وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ17

තවද යහමග ලැබූවන් වන ඔවුන්හට ඔහු යහමග අධික කළේය. තවද ඔහු ඔවුනට ඔවුන්ගේ බිය බැතිමත්කම පිරිනමනු ඇත.
47:18ජුස් 26 · පි. 508

فَهَلْ يَنْظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً ۖ فَقَدْ جَاءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَاءَتْهُمْ ذِكْرَاهُمْ18

අවසන් හෝරාව එසැණින් ඔවුන් වෙත පැමිණීම මිස වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද? සැබැවින්ම එහි සලකුණු පැමිණ ඇත. එසේ නම් ඔවුන් වෙත ඔවුන්ගේ උපදෙස පැමිණි විට කෙසේ නම් ඔවුනට (ඵලක්) වෙත් ද?
47:19ජුස් 26 · පි. 508

فَاعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ19

එහෙයින් දැන ගනු. නියත වශයෙන්ම අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබේ පාපයන්ටත් දේව විශ්වාසකරන්නන් හා දේව විශ්වාසකරන්නියන්හටත් සමාව අයැදිනු. තවද අල්ලාහ් නුඹලාගේ සංචලනය හා නුඹලාගේ නවාතැන දනී.
47:20ජුස් 26 · පි. 509

وَيَقُولُ الَّذِينَ آمَنُوا لَوْلَا نُزِّلَتْ سُورَةٌ ۖ فَإِذَا أُنْزِلَتْ سُورَةٌ مُحْكَمَةٌ وَذُكِرَ فِيهَا الْقِتَالُ ۙ رَأَيْتَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يَنْظُرُونَ إِلَيْكَ نَظَرَ الْمَغْشِيِّ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ20

(යුද්ධය සම්බන්ධ ව) සූරතයක් (පරිච්ඡේදයක්) පහළ කරනු ලැබිය යුතු නොවේ දැ?යි විශ්වාස කළවුන් විමසති. නමුත් තීරණාත්මක සූරතයක් පහළ කරනු ලැබ එහි යුද්ධය සම්බන්ධ ව සඳහන් කරනු ලැබූ විට තම හදවත් තුළ රෝග ඇත්තවුන් මරණය තමන් වෙත වෙළා ගත් කෙනෙකු සිහි නැතිවී බලන්නාක් මෙන් නුඹ වෙත ඔවුහු බලති. එහෙයින් ඔවුනට (විනාශය) වඩාත් යෝග්‍යය.
47:21ජුස් 26 · පි. 509

طَاعَةٌ وَقَوْلٌ مَعْرُوفٌ ۚ فَإِذَا عَزَمَ الْأَمْرُ فَلَوْ صَدَقُوا اللَّهَ لَكَانَ خَيْرًا لَهُمْ21

(නබිවරය!) අවනතභාවය හා යහපත් ප්‍රකාශය ඔවුනට සුදුසුය. එහෙයින් (යුද්ධය පිළිබඳව) එම නියෝග ස්ථීර වූ විට ඔවුන් අල්ලාහ් ට සැබෑ වන්නේ නම් එය ඔවුනට යහපත් වනු ඇත.
47:22ජුස් 26 · පි. 509

فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ22

නුඹලාට (යුද්ධය) පිටුපෑමට බලය දෙනු ලැබුවේ නම්, මහපොළොවේ නුඹලා කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?
47:23ජුස් 26 · පි. 509

أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰ أَبْصَارَهُمْ23

අල්ලාහ් ශාප කළවුන් ඔවුහුමය. එවිට ඔහු ඔවුනට බිහිරිභාවය ඇති කළේය. තවද ඔවුන්ගේ දෘෂ්ටිය අන්ධභාවයට පත් කළේය.
47:24ජුස් 26 · පි. 509

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا24

එහෙයින් ඔවුන් අල් කුර්ආනය පරිශීලනය නොකරන්නෝ ද? එසේ නැතහොත් (ඔවුන්ගේ) හදවත් මත එහි අගුල් ද?
47:25ජුස් 26 · පි. 509

إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَىٰ أَدْبَارِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى ۙ الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ25

ඔවුනට මග පෙන්වීම පැහැදිලි වූ පසු ව නියත වශයෙන්ම ඔවුන්ගේ පසුපස මත හැරී ගියවුන් වනාහි ෂෙයිතාන් (එසේ හැරී යාම) ඔවුනට අලංකාර කළේය. තවද ඔහු ඔවුනට මනෝ ආශාවන් ඇති කළේය.
47:26ජුස් 26 · පි. 509

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لِلَّذِينَ كَرِهُوا مَا نَزَّلَ اللَّهُ سَنُطِيعُكُمْ فِي بَعْضِ الْأَمْرِ ۖ وَاللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ26

එය අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළවුනට(මේ) කරුණු අතුරින් ඇතැම් දෑහි අපි නුඹලාට අවනත වන්නෙමු යැයි නියත වශයෙන්ම ඔවුන් පැවසූ හේතුවෙනි. තවද අල්ලාහ් ඔවුන්ගේ රහස් දනී.
47:27ජුස් 26 · පි. 509

فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ27

නමුත් ඔවුන්ගේ මුහුණු වලට හා පිටවල් වලට පහර දෙමින් මලක්වරුන් ඔවුන්(ගේ ප්‍රාණය) අත්පත් කර ගන්නා විට කෙසේ වීද?
47:28ජුස් 26 · පි. 509

ذَٰلِكَ بِأَنَّهُمُ اتَّبَعُوا مَا أَسْخَطَ اللَّهَ وَكَرِهُوا رِضْوَانَهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ28

මෙයට හේතුව එය නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ් කෝප කරවන දෑ අනුගමනය කොට ඔහුගේ තෘප්තිය ඔවුන් පිළිකුල් කිරිමය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නිෂ්ඵල කළේය.
47:29ජුස් 26 · පි. 509

أَمْ حَسِبَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ أَنْ لَنْ يُخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ29

එසේ නැතහොත් ඔවුන්ගේ ක්‍රෝධය අල්ලාහ් හෙළි නොකරන්නේම යැයි හදවත් තුළ රෝග ඇත්තවුන් සිතුවේ ද?
47:30ජුස් 26 · පි. 510

وَلَوْ نَشَاءُ لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُمْ بِسِيمَاهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ ۚ وَاللَّهُ يَعْلَمُ أَعْمَالَكُمْ30

තවද අප අභිමත කරන්නේ නම් අපි නුඹට ඔවුන් පෙන්වන්නට තිබුණි. එවිට නුඹ ඔවුන්ගේ සලකුණු මගින් හඳුනා ගනු ඇත. සැබැවින්ම කතා විලාසයෙන් නුඹ ඔවුන් හඳුනා ගන්නට පුළුවන. තවද නුඹලාගේ ක්‍රියාවන් අල්ලාහ් දනී.
47:31ජුස් 26 · පි. 510

وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ الْمُجَاهِدِينَ مِنْكُمْ وَالصَّابِرِينَ وَنَبْلُوَ أَخْبَارَكُمْ31

තවද නුඹලා අතුරින් කැපවන්නන් හා ඉවසිලිවන්තයින් අප හඳුනා ගනු පිණිසත් නුඹලාගේ තොරතුරු අප පරීක්ෂා කරනු පිණිසත් නියත වශයෙන්ම අපි නුඹලා පරීක්ෂාවට ලක් කරන්නෙමු.
47:32ජුස් 26 · පි. 510

إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ وَشَاقُّوا الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَىٰ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَسَيُحْبِطُ أَعْمَالَهُمْ32

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා, තමන්ට යහමග පැහැදිලි වූවායින් පසු ව රසූල්වරයාට විරුද්ධවන්නන් වනාහි ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි සිදු කළ නොහැක්කේමය. තවද ඔහු ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කරනු ඇත.
47:33ජුස් 26 · පි. 510

۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَلَا تُبْطِلُوا أَعْمَالَكُمْ33

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. තවද නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල කර නොගනු.
47:34ජුස් 26 · පි. 510

إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ ثُمَّ مَاتُوا وَهُمْ كُفَّارٌ فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ34

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වා, පසු ව ප්‍රතික්ෂේපකයින් ලෙසින්ම මිය යන්නන් වන ඔවුනට අල්ලාහ් සමාව නොදෙන්නේමය.
47:35ජුස් 26 · පි. 510

فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنْتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَنْ يَتِرَكُمْ أَعْمَالَكُمْ35

එහෙයින් නුඹලා අධෛර්යමත්ව බිය සුළු වී සාමය වෙත ඇරයුම් නොකරනු. නුඹලාය උසස් වනුයේ. තවද අල්ලාහ් නුඹලා සමගය. නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට අහිමි නොකරන්නේමය.
47:36ජුස් 26 · පි. 510

إِنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ ۚ وَإِنْ تُؤْمِنُوا وَتَتَّقُوا يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْأَلْكُمْ أَمْوَالَكُمْ36

නියත වශයෙන්ම මෙලොව ජීවිතය කෙළි දොළකි, විනෝදයකි. තවද නුඹලා විශ්වාස කර, බිය බැතිමත් වන්නෙහු නම් නුඹලාගේ කුලිය ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලාගේ ධනය ඔහු නුඹලාගෙන් ඉල්ලා නොසිටියි.
47:37ජුස් 26 · පි. 510

إِنْ يَسْأَلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا وَيُخْرِجْ أَضْغَانَكُمْ37

ඔහු නුඹලාගෙන් එය ඉල්ලා බල කරන්නේ නම් නුඹලා මසුරු වන්නෙහුය. තවද නුඹලාගේ ක්‍රෝධයන් ඔහු හෙළි කරන්නේය.
47:38ජුස් 26 · පි. 510

هَا أَنْتُمْ هَٰؤُلَاءِ تُدْعَوْنَ لِتُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ فَمِنْكُمْ مَنْ يَبْخَلُ ۖ وَمَنْ يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَنْ نَفْسِهِ ۚ وَاللَّهُ الْغَنِيُّ وَأَنْتُمُ الْفُقَرَاءُ ۚ وَإِنْ تَتَوَلَّوْا يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوا أَمْثَالَكُمْ38

අහෝ! මෙන්න! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරනු පිණිස නුඹලා ඇරයුම් කරනු ලැබුවන්ය. එහෙත් නුඹලා අතුරින් මසුරු වන්නන්ද වෙති. තවද කවරෙකු මසුරු වන්නේද එසේ ඔහු මසුරු වනුයේ ඔහු වෙනුවෙනි. නමුත් අල්ලාහ් අවශ්‍යතාවෙන් තොරය. තවද නුඹලා දිළින්දෝය. තවද නුඹලා පිටු පා යන්නේ නම් (නුඹලා වෙනුවට) නුඹලා හැර වෙනත් පිරිසක් ඔහු පත් කරනු ඇත. එවිට ඔවුහු නුඹලා මෙන් නොවනු ඇත.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Muhammad Ayyub - Muhammad · Tlawati