සූරා 47 · ජුස් 26

Muhammad · 47:10

۞ أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ دَمَّرَ اللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَافِرِينَ أَمْثَالُهَا

මහපොළොවේ ගමන් කර ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු අධීක්ෂණයෙන් නොබලන්නෝද? අල්ලාහ් ඔවුන් මුළුමණින්ම විනාශ කළේය. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට ද ඒ හා සමානය.

තෆ්සීර්

මෙම බොරුකාරයින් මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා නොබලන්නේ ද? ඔවුන්ගේ අවසානය වඩාත් වේදනීය අවසානයක් විය. ඔවුන්ගේ වාසස්ථාන අල්ලාහ් සුනුවිසුනු කර දැම්මේය. ඔවුන්ව විනාශ කළේය. ඔවුන්ගේ දරුවන් හා ඔවුන්ගේ සම්පත් ද විනාශ කළේය. සෑම කාලයකම සෑම ස්ථානයකම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට එම දඬුවම මෙන් වූ විපාක අත් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න