සූරා 47 · ජුස් 26
Muhammad · 47:28
ذَٰلِكَ بِأَنَّهُمُ اتَّبَعُوا مَا أَسْخَطَ اللَّهَ وَكَرِهُوا رِضْوَانَهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ
මෙයට හේතුව එය නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ් කෝප කරවන දෑ අනුගමනය කොට ඔහුගේ තෘප්තිය ඔවුන් පිළිකුල් කිරිමය. එහෙයින් ඔවුන්ගේ ක්රියාවන් ඔහු නිෂ්ඵල කළේය.
තෆ්සීර්
එම දඬුවම ඔවුනට අත් වූයේ අල්ලාහ් කෝපයට පත් වන දේව ප්රතික්ෂේපය, කුහකත්වය, අල්ලාහ් හා රසූල්ට අභියෝග කිරීම වැනි දෑ ඔවුන් අනුගමනය කළ බැවින් හා ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් සමීප කරවන ඔහුගේ තෘප්තිය ඔවුනට අත්වන දේව විශ්වාසය, ඔහුගේ දූතයාණන් පිළිපැදීම වැනි දෑ ඔවුන් පිළිකුල් කළ බැවිණි. ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී ගියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න