සූරා 47 · ජුස් 26
Muhammad · 47:24
أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا
එහෙයින් ඔවුන් අල් කුර්ආනය පරිශීලනය නොකරන්නෝ ද? එසේ නැතහොත් (ඔවුන්ගේ) හදවත් මත එහි අගුල් ද?
තෆ්සීර්
එහෙයින් සත්යයට පිටුපාන්නන් අල් කුර්ආනය ගැන පරිශීලනය කළ යුතු නොවේ ද? එහි ඇති දෑ ගැන සිතා බැලිය යුතු නොවේද? ඔවුන් එය පරිශීලනය කරන්නේ නම් සියලුම යහපත් දෑ වෙත ඔවුන් මග ලබනු ඇත. සියලුම අයහපත් දැයින් ඔවුන් දුරස් කරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ හදවත් ආවරණය කරන තීන්දුවකින් ඒ මත අගුලු වැටී ඇත්තේ ද? එසේ නම් ඒ වෙත උපදෙස් සේන්දු වන්නේ නැත. මෙනෙහි කිරීම එයට ප්රයොජනවත් වන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න