සූරා 47 · ජුස් 26
Muhammad · 47:23
أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰ أَبْصَارَهُمْ
අල්ලාහ් ශාප කළවුන් ඔවුහුමය. එවිට ඔහු ඔවුනට බිහිරිභාවය ඇති කළේය. තවද ඔවුන්ගේ දෘෂ්ටිය අන්ධභාවයට පත් කළේය.
තෆ්සීර්
මහපොළොවේ කලහකම් කරන බවටත්, ඥාතී සම්බන්ධකම් බිඳ දමන බවටත් විස්තර කරනු ලැබූ මොවූහුය අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලැබූවන් වන්නෝ. සත්යට අනුකූලව පිළිගන්නා සේ සවන් දීමෙන් ඔවුන්ගේ කන් බිහිරි භාවයට පත් කළේය. සැලකිලිමත් බැල්මෙන් ඒ දෙස බැලීමෙන් ඔවුන්ගේ බැල්ම ඔහු අන්ධ කළේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න