සූරා 47 · ජුස් 26
Muhammad · 47:25
إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَىٰ أَدْبَارِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى ۙ الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ
ඔවුනට මග පෙන්වීම පැහැදිලි වූ පසු ව නියත වශයෙන්ම ඔවුන්ගේ පසුපස මත හැරී ගියවුන් වනාහි ෂෙයිතාන් (එසේ හැරී යාම) ඔවුනට අලංකාර කළේය. තවද ඔහු ඔවුනට මනෝ ආශාවන් ඇති කළේය.
තෆ්සීර්
ඔවුනට පැහැදිළි සාධක ඉදිරිපත් කිරීමෙන් හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සත්යතාව ඔවුනට පැහැදිළි කිරීමෙන් පසුව සැබැවින්ම කවරෙකු ඔවුන්ගේ එම විශ්වාසයෙන් හැරී නැවතත් දේව ප්රතික්ෂේපය හා කුහකත්වය දෙසට නැඹුරු වූයේ ද සැබැවින්ම එසේ ඔවුනට එම දේව ප්රතික්ෂේපය හා කුහකත්වය ඔවුනට අලංකාරවත් කළේත් ඔවුනට ඒ සඳහා පහසුකම් ඇති කළේත් ඔවුනට නිෂ්ඵල සිතුවිලි පිරිනැමුවේත් ෂෙයිතාන්මය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න