සූරා 47 · ජුස් 26
Muhammad · 47:26
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لِلَّذِينَ كَرِهُوا مَا نَزَّلَ اللَّهُ سَنُطِيعُكُمْ فِي بَعْضِ الْأَمْرِ ۖ وَاللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ
එය අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළවුනට(මේ) කරුණු අතුරින් ඇතැම් දෑහි අපි නුඹලාට අවනත වන්නෙමු යැයි නියත වශයෙන්ම ඔවුන් පැවසූ හේතුවෙනි. තවද අල්ලාහ් ඔවුන්ගේ රහස් දනී.
තෆ්සීර්
ඔවුනට එම නොමග යෑම ඇති වූයේ තම ධර්ම දූතයාණන්ට පහළ වූ දේව පණිවිඩ ගැන පිළිකුල් කළ දේව ආදේශකයින්හට ඔවුන්: "යුද්ධ කිරීමෙන් පසුබෑම වැනි ඇතැම් කරුණුවලදී අපි නුඹලාට අවනත වන්නෙමු" යැයි රහසිගතව පවසා සිටි බැවිණි. ඔවුන් රහසින් පවසන දෑ ද සගවාගෙන සිටින දෑ ද අල්ලාහ් දනී. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒවායින් ඔහු අභිමත කරන දෑ තම ධර්ම දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට හෙළි කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න