සූරා 47 · ජුස් 26

Muhammad · 47:31

وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ الْمُجَاهِدِينَ مِنْكُمْ وَالصَّابِرِينَ وَنَبْلُوَ أَخْبَارَكُمْ

තවද නුඹලා අතුරින් කැපවන්නන් හා ඉවසිලිවන්තයින් අප හඳුනා ගනු පිණිසත් නුඹලාගේ තොරතුරු අප පරීක්ෂා කරනු පිණිසත් නියත වශයෙන්ම අපි නුඹලා පරීක්ෂාවට ලක් කරන්නෙමු.

තෆ්සීර්

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ජිහාද් හෙවත් අසාධාරණයට එරෙහිව යුද්ධ කිරීම, සතුරන් සමග සටන් කිරීම, ඝාතනයට ලක්වීම යනා දී කරුණු තුළින් නුඹලා අතර අල්ලාහ්ගේ මාර්ගයේ දිවිපුදා කැපවන්නන් කවුරුන්දැයි ද, සතුරන් සමග සටන් කිරීමේදී ඉවසිලිවන්තයින් කවුරුන්දැයි ද අප දැනුම්වත් කරන තුරු අපි නුඹලාව පරීක්ෂාවට ලක් කරන්නෙමු. තවද අපි නුඹලාව පරීක්ෂණයට ලක් කර නුඹලා අතරින් සත්යවාදියා කවුරුන් දැයි ද අසත්යවාදියා කවුරුන් දැයි ද අපි හඳුනා ගන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න