සූරා 47 · ජුස් 26
Muhammad · 47:32
إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ وَشَاقُّوا الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَىٰ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَسَيُحْبِطُ أَعْمَالَهُمْ
නියත වශයෙන්ම ප්රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා, තමන්ට යහමග පැහැදිලි වූවායින් පසු ව රසූල්වරයාට විරුද්ධවන්නන් වනාහි ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි සිදු කළ නොහැක්කේමය. තවද ඔහු ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල කරනු ඇත.
තෆ්සීර්
සැබැවින්ම අල්ලාහ්ව හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කොට; අල්ලාහ්ගේ දහමින් තමන් වැළකී; සෙසු ජනයා ද ඉන් වළක්වා; ඔහුගේ දූතයාණන්ට පිටුපා; සැබැවින්ම ඔහු නබිවරයකු යැයි පැහැදිළි වූවායන් පසු දූතයාණන්ට සතුරුකම් පා ඔහුට විරුද්ධව කටයුතු කළවුන් වනාහි, සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු කළේ නැත. සැබැවින්ම ඔවුන් හානි කරගෙන ඇත්තේ ඔවුන්ටමය. ඔවුන්ගේ ක්රියාවන් අල්ලාහ් නිෂ්පල කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න