සූරා 47 · ජුස් 26
Muhammad · 47:30
وَلَوْ نَشَاءُ لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُمْ بِسِيمَاهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ ۚ وَاللَّهُ يَعْلَمُ أَعْمَالَكُمْ
තවද අප අභිමත කරන්නේ නම් අපි නුඹට ඔවුන් පෙන්වන්නට තිබුණි. එවිට නුඹ ඔවුන්ගේ සලකුණු මගින් හඳුනා ගනු ඇත. සැබැවින්ම කතා විලාසයෙන් නුඹ ඔවුන් හඳුනා ගන්නට පුළුවන. තවද නුඹලාගේ ක්රියාවන් අල්ලාහ් දනී.
තෆ්සීර්
අහෝ ධර්ම දූතය! කුහකයින් පිළිබඳ නුඹට හඳුන්වා දෙන්නට අපි අභිමත කරන්නේ නම්, සැබැවින්ම අපි ඔවුන් හඳුන්වා දෙන්නෙමු. ඔවුන්ගේ සළකුණු මගින් නුඹ ඔවුන් හඳුනා ගනු ඇත. එමෙන්ම ඔවුන් කතා කරන විලාශයෙන් ද නුඹ ඔවුන් හඳුනා ගනු ඇත. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් දනී. ඉන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න