සූරා 47 · ජුස් 26
Muhammad · 47:3
ذَٰلِكَ بِأَنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِنْ رَبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ
එයට හේතුව නියත වශයෙන්ම ප්රතික්ෂේප කළවුන් නිෂ්ඵල දෑ අනුගමනය කළ බැවින් හා විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්යය අනුගමනය කළ බැවිණි. මිනිසුනට ඔවුන්ගේ උපමාවන් අල්ලාහ් ගෙන හැර පානුයේ එලෙසය.
තෆ්සීර්
සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ව්යාජ දෑ අනුගමනය කළ බැවින් ද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්යය අනුගමනය කළ බැවින් ද මෙම කණ්ඩායම් දෙකට ඉහත සඳහන් කරනු ලැබූ ප්රතිඵල හිමි විය. ඔවුන්ගේ කැපවීමේ වෙනස්වීම් අනුව ඔවුනට හිමිවන ප්රතිඵලද වෙනස් වනු ඇත. දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් යන මෙම කණ්ඩායම් දෙකෙහි පවතින ප්රඥාව අල්ලාහ් පැහැදිලි කර සිටියා සේම ඔවුන් උපමාවට ගනිමින් අල්ලාහ් ජනයාට ඉදිරිපත් කරයි. දැක්මක් ඇත්තා දැක්මක් ඇත්තන් සමග සේන්දු වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න