සූරා 47 · ජුස් 26
Muhammad · 47:7
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළේ නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තවද නුඹලාගේ පාද ඔහු ස්ථාවර කරනු ඇත.
තෆ්සීර්
අහෝ අල්ලාහ්ව විශ්වාස කොට ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ නබිවරයාට, ඔහුගේ දහමට, දේව ප්රතික්ෂේපකයින් සමග සටන් කිරීමෙන් නුඹලා අල්ලාහ්ට උදව් කරන්නෙහු නම් ඔවුනට එරෙහිව අභිබවා යෑමට ඔහු නුඹලාට ආශිර්වාද කරමින් උදව් කරනු ඇත. යුධ පිටියේ ඔවුන් හමුවන අවස්ථාවේ නුඹලාගේ පාද ස්ථාවර කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න