සූරා 47 · ජුස් 26

Muhammad · 47:15

مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ فِيهَا أَنْهَارٌ مِنْ مَاءٍ غَيْرِ آسِنٍ وَأَنْهَارٌ مِنْ لَبَنٍ لَمْ يَتَغَيَّرْ طَعْمُهُ وَأَنْهَارٌ مِنْ خَمْرٍ لَذَّةٍ لِلشَّارِبِينَ وَأَنْهَارٌ مِنْ عَسَلٍ مُصَفًّى ۖ وَلَهُمْ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَمَغْفِرَةٌ مِنْ رَبِّهِمْ ۖ كَمَنْ هُوَ خَالِدٌ فِي النَّارِ وَسُقُوا مَاءً حَمِيمًا فَقَطَّعَ أَمْعَاءَهُمْ

බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ස්වභාවය පල් නොවන ජලයෙන් යුත් ගංගා ද එහි රසය වෙනස් නොවන කිරි පානයෙන් යුත් ගංගා ද පානය කරන්නන්හට රසවත් මුද්‍රිකපානයෙන් යුත් ගංගා ද පිරිසිදු කරන ලද මී පැණියෙන් යුත් ගංගා ද ඇත. තවද ඔවුනට එහි සියලු පලතුරු ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සමාව ද ඇත. ඔහු (නිරා) ගින්නේ සදාතනිකයෙකු මෙන් ද? තවද (එවන් නිරාවාසීන් වන) ඔවුනට ලෝ දිය පොවනු ලැබේ. එවිට එය ඔවුන්ගේ බඩවැල් කැබලි කරයි.

තෆ්සීර්

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු පිළිබඳ මතකයෙන් කටයුතු කළවුන් වනාහි ඔවුන් ඇතුළත් කරන බවට අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන් ස්වර්ගයේ ස්වරූපය, ‘කල් ගත වීමෙන් සුවයේ හෝ ගන්ධයේ හෝ වෙනසක් ඇති නොවන ජල ගංගා එහි ඇත. එමෙන්ම සුවය වෙනස් නොවන කිරි ගංගා ද ඇත. පානය කරන්නන්හට මිහිර ගෙන දෙන මධු ගංගා ද ඇත. රොඩුවලින් පිරිසිදු කරන ලද මී පැණි ගංගා ද ඇත. ඔවුන් අභිමත කරන පරිදි සියලුම වර්ගයේ පළතුරු ද ඇත. ඒ සියල්ලටම ඉහළින් ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් සමාව ඇත. ඒ හේතුවෙන් අල්ලාහ් ඔවුන් වරදකරුවන් ලෙස ග්රහණය නොකරයි. මෙම ප්රතිඵල ඇති පුද්ගලයා ගැලවුමක් නැති නිරා ගින්නේ රැඳී සිටින, උණුසුම් ලෝ දිය පානයට දෙනු ලබන, එහි පවතින දැඩි උණුසුම හේතුවෙන් ඔවුන්ගේ බලවැල් ඉරා දමනු ලබන පුද්ගලයා සමග සමාන වන්නේ ද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න