සූරා 47 · ජුස් 26
Muhammad · 47:16
وَمِنْهُمْ مَنْ يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰ إِذَا خَرَجُوا مِنْ عِنْدِكَ قَالُوا لِلَّذِينَ أُوتُوا الْعِلْمَ مَاذَا قَالَ آنِفًا ۚ أُولَٰئِكَ الَّذِينَ طَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ
තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. නුඹ වෙතින් ඔවුන් පිට ව ගිය විට මොහු මොහොතකට පෙර කුමක් පැවසුවේ දැ?යි ඥානය දෙනු ලැබූවනට ඔවුහු (සමච්චලයෙන් යුතු ව) විමසති. තම හදවත් මත අල්ලාහ් මුද්රා තැබූ හා තම ආශාවන් අනුගමනය කළවුන් මොවුහුමය.
තෆ්සීර්
අහෝ දූතය! පිළිගැනීමකින් තොරව නුඹ වෙත සවන් දෙන්නන් කුහකයින් අතර වෙති. එයට සවන් දී නුඹෙන් ඔවුන් පිටව යෑමත් සමගම එයට පිටුපාති. අල්ලාහ් දැනුම ලබා දුන් අයට ඔවුහු, ‘ටිකකට කළින් ඔහුගේ කතාවෙහි ඔහු කුමක් පැවසුවේ ද?' යැයි ඔවුන් මෝඩයින් බවට පත් කර පිටුපාමින් පවසති. ඔවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබූ අය ඔවුහුමය. එහෙයින් ඒ වෙත කිසිදු යහපතක් සේන්දු වන්නේ නැත. ඔවුහු ඔවුන්ගේ ආශාවන් අනුගමනය කරති. ඒවා සත්යයෙන් ඔවුන්ව අන්ධ කරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න