සූරා 47 · ජුස් 26
Muhammad · 47:17
وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ
තවද යහමග ලැබූවන් වන ඔවුන්හට ඔහු යහමග අධික කළේය. තවද ඔහු ඔවුනට ඔවුන්ගේ බිය බැතිමත්කම පිරිනමනු ඇත.
තෆ්සීර්
තවද සත්ය මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබ; දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එය පිළිපැද්දවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග හා යහපත වෙත ආශිර්වාද කිරීම අධික කරනු ඇත. නිරාගින්නෙන් ඔවුන් ආරක්ෂා වන පරිදි ක්රියා කිරීමට ඔහු ඔවුනට ඉඩ සළසා දෙනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න