සූරා 47 · ජුස් 26

Muhammad · 47:19

فَاعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ

එහෙයින් දැන ගනු. නියත වශයෙන්ම අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබේ පාපයන්ටත් දේව විශ්වාසකරන්නන් හා දේව විශ්වාසකරන්නියන්හටත් සමාව අයැදිනු. තවද අල්ලාහ් නුඹලාගේ සංචලනය හා නුඹලාගේ නවාතැන දනී.

තෆ්සීර්

අහෝ දූතය! අල්ලාහ් හැර සැබෑ ලෙස නැමදුමට ලක්වන කිසිවක් නොමැති බව නුඹ තරයේ විශ්වාස කරනු. නුඹේ පාපයන් සඳහා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්ගේ පාපයන් සඳහාත් ඔහුගෙන් නුඹ සමාව අයැද සිටිනු. නුඹලාගේ දහවල් කාලයේ නුඹලා ගනුදෙනු කරන දෑ ද නුඹලාගේ රාත්රි කාලයෙහි නුඹලා නවාතැන් ගන්නා තැන ද අල්ලාහ් දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න