සූරා 47 · ජුස් 26
Muhammad · 47:20
وَيَقُولُ الَّذِينَ آمَنُوا لَوْلَا نُزِّلَتْ سُورَةٌ ۖ فَإِذَا أُنْزِلَتْ سُورَةٌ مُحْكَمَةٌ وَذُكِرَ فِيهَا الْقِتَالُ ۙ رَأَيْتَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يَنْظُرُونَ إِلَيْكَ نَظَرَ الْمَغْشِيِّ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ
(යුද්ධය සම්බන්ධ ව) සූරතයක් (පරිච්ඡේදයක්) පහළ කරනු ලැබිය යුතු නොවේ දැ?යි විශ්වාස කළවුන් විමසති. නමුත් තීරණාත්මක සූරතයක් පහළ කරනු ලැබ එහි යුද්ධය සම්බන්ධ ව සඳහන් කරනු ලැබූ විට තම හදවත් තුළ රෝග ඇත්තවුන් මරණය තමන් වෙත වෙළා ගත් කෙනෙකු සිහි නැතිවී බලන්නාක් මෙන් නුඹ වෙත ඔවුහු බලති. එහෙයින් ඔවුනට (විනාශය) වඩාත් යෝග්යය.
තෆ්සීර්
අල්ලාහ්ව විශ්වාස කළවුන් -යුද්ධ නීති ඇතුළත් පරිච්ඡේදයක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කරනු ඇතැයි යන විශ්වාසයෙන්- "යුද්ධය පිළිබඳ මෙනෙහි කරමින් ඒ ගැන අල්ලාහ් පරිච්ඡේදයක් පහළ නොකරන්නේ දැ?"යි විමසා සිටියේය. එසේ යුද්ධය මෙනෙහි කරමින් එහි නීති හා විස්තර ඇතුළත් නීතිමය සූරාවක් අල්ලාහ් පහළ කළ විට අහෝ දූතයිනි! ඔවුන්ගේ හදවත් තුළ රෝග ඇති කුහකයින් දැඩි බියකින් හා ත්රාසයකින් යුතු ව සිහිවිකල් වූ අයකු බලන බැල්මෙන් නුඹ වෙත බලනු ඇත. යුද්ධය පුනරාවර්තනය වීම හා ඒ ගැන ඇති බිය හේතුවෙන් සැබැවින්ම ඔවුන්ගේ දඬුවම ඔවුනට ඉතා සමීප බවත් ඔවුනට වඩාත් යෝග්ය බවත් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න