සූරා 47 · ජුස් 26

Muhammad · 47:35

فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنْتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَنْ يَتِرَكُمْ أَعْمَالَكُمْ

එහෙයින් නුඹලා අධෛර්යමත්ව බිය සුළු වී සාමය වෙත ඇරයුම් නොකරනු. නුඹලාය උසස් වනුයේ. තවද අල්ලාහ් නුඹලා සමගය. නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට අහිමි නොකරන්නේමය.

තෆ්සීර්

එහෙයින් විශ්වාස කළවුනි! නුඹලා නුඹලාගේ සතුරන් හමුවීමට අධෛර්යමත් නොවනු. නුඹලා බලවතුන් හා ජයග්රාහකයින් ලෙස සිටියදී ඔවුන් නුඹලාව සමාදානය වෙත ඇරයුම් කිරීමට පෙර නුඹලා ඔවුන් සමාදානය වෙත ඇරයුම් නොකරනු. අල්ලාහ්ගේ උපකාරයෙන් හා ස්ථාවරත්වයට පත් කිරීමෙන් ඔහු නුඹලා සමගය. නුඹලාගේ ක්රියාවන් සතු කුසල් කිසිවක් නුඹලාට අඩු වන්නේ නැත. නුඹලාට පිරිනැමීමක් හා අමතර වශයෙන් එයින් අධිකර කර දෙනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න