සූරා 47 · ජුස් 26
Muhammad · 47:13
وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ هِيَ أَشَدُّ قُوَّةً مِنْ قَرْيَتِكَ الَّتِي أَخْرَجَتْكَ أَهْلَكْنَاهُمْ فَلَا نَاصِرَ لَهُمْ
නුඹ ව පිටමං කළ ඔබේ ගම්මානයට වඩා, වඩාත් බලවත් වූ ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමුද? එවිට ඔවුනට කිසිදු උදව්කරුවෙකු නොවීය.
තෆ්සීර්
මක්කාවාසීහු නුඹව මක්කාවෙන් නෙරපා හැරිය මක්කා දේශයට වඩා බලයෙන් ශක්තිමත් වූ ධනයෙන් හා දරුවන්ගෙන් අධික වූ පෙර සමූහයන්ගේ ගම්මාන කොපමණක් වීද? ඔවුන් ඔවුන්ගේ දූතවරුන් බොරු කළ බැවින් අපි ඔවුන් විනාශ කළෙමු. අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වෙත පැමිණි විට එයින් ඔවුන් මුදවා ගන්නට කිසිදු උදව් කරුවකු ඔවුනට නොවීය. මක්කාවාසීන් විනාශ කිරීමට අපි සිතුවේ නම් එය අපට කළ නොහැක්කක් නොවේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න