සූරා 47 · ජුස් 26

Muhammad · 47:12

إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَهُمْ

විශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු (දඬුවම) භුක්ති විඳිති. තවද (මොලොව භුක්ති විඳින්නන්) ගොවිපළ සතුන් අනුභව කරන්නාක් මෙන් අනුභව කරති. තවද (නිරා) ගින්න ඔවුනට හිමි නවාතැනයි.

තෆ්සීර්

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කොට,දැහැමි ක්රියාවන්හි නිරතවූවන් වනාහි සැබැවින්ම අල්ලාහ් ඔවුන් ස්වර්ග මාලිගා හා ගස්වලට යටින් ගලා යන ගංගාවන් සහිත උයන් වලට ඇතුළත් කරන්නේය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් මෙලොවෙහි තම ආශාවන් අනුගමනය කරමින් භුක්ති විඳිති. සතුන් ආහාර ගන්නාක් මෙන් අනුභව කරති. ඔවුන්ගේ කුස් හා ඔවුන් රහස් අවයව පිළිබඳ කිසිදු තැකීමක් ඔවුනට නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගොස් නවතැන් ගන්නා ස්ථානය නිරයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න