සූරා 47 · ජුස් 26
Muhammad · 47:38
هَا أَنْتُمْ هَٰؤُلَاءِ تُدْعَوْنَ لِتُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ فَمِنْكُمْ مَنْ يَبْخَلُ ۖ وَمَنْ يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَنْ نَفْسِهِ ۚ وَاللَّهُ الْغَنِيُّ وَأَنْتُمُ الْفُقَرَاءُ ۚ وَإِنْ تَتَوَلَّوْا يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوا أَمْثَالَكُمْ
අහෝ! මෙන්න! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරනු පිණිස නුඹලා ඇරයුම් කරනු ලැබුවන්ය. එහෙත් නුඹලා අතුරින් මසුරු වන්නන්ද වෙති. තවද කවරෙකු මසුරු වන්නේද එසේ ඔහු මසුරු වනුයේ ඔහු වෙනුවෙනි. නමුත් අල්ලාහ් අවශ්යතාවෙන් තොරය. තවද නුඹලා දිළින්දෝය. තවද නුඹලා පිටු පා යන්නේ නම් (නුඹලා වෙනුවට) නුඹලා හැර වෙනත් පිරිසක් ඔහු පත් කරනු ඇත. එවිට ඔවුහු නුඹලා මෙන් නොවනු ඇත.
තෆ්සීර්
අහෝ නුඹලා! අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලාගේ වස්තුවෙන් කොටසක් වියදම් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නෙහුය. නුඹලාගේ සියලුම වස්තුව වියදම් කරන මෙන් ඔහු නුඹලාගෙන් ඉල්ලා නොසිටියි. නමුත් නුඹලා අතරින් වියදම් කිරිමට මසුරු වී එය වළක්වන පිරිසක් ද ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීමට කවරෙකු මසුරු වන්නේ ද සැබැවින්ම ඔහු එසේ මසුරු වනුයේ වියදම් කිරීමෙන් හිමි වන කුසල් අහිමි කර ගනිමින් තමන්ටම එරෙහිවය. අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. නුඹලා වියදම් කිරීම ගැන කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. නුඹලා ඔහු වෙත බැගෑපත් වන්නෝ වෙති. නුඹලා ඉස්ලාමයෙන් හැරී නැවතත් දේව ප්රතික්ෂේපය වෙත යොමු වන්නේ නම් ඔහු නුඹලාව විනාශ කොට නුඹලා නොවන වෙනත් සමූහයක් ගෙන එනු ඇත. පසුව ඔවුන් නුඹලා මෙන් නොවෙති. ඔහුට අවනත වන්නන් ලෙස කටයුතු කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න