Saba

سورة سبأ

සූරා 34 · මක්කා · 54 පද

34:1ජුස් 22 · පි. 428

الْحَمْدُ لِلَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَلَهُ الْحَمْدُ فِي الْآخِرَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ1

අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ටමය සියලු ප්‍රශංසා. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහු සතුය. තවද ඔහු සියුම් ඥානී වූ අභිඥානවන්තය.
34:2ජුස් 22 · පි. 428

يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ الرَّحِيمُ الْغَفُورُ2

මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ඉහළට එසවෙන දෑ ද ඔහු දනී. තවද ඔහු අතික්ෂමාශීලී මහාකරුණාන්විතය.
34:3ජුස් 22 · පි. 428

وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَأْتِينَا السَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّي لَتَأْتِيَنَّكُمْ عَالِمِ الْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَلَا أَصْغَرُ مِنْ ذَٰلِكَ وَلَا أَكْبَرُ إِلَّا فِي كِتَابٍ مُبِينٍ3

තවද ‘අවසන් හෝරාව අප වෙත නොපැමිණෙනු ඇතැ’යි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. එසේ නොව ගුප්ත දෑ දන්නා වූ මාගේ පරමාධිපති මත දිවුරමින්, නියත වශයෙන්ම එය නුඹලා වෙත පැමිණෙනු ඇත. අහස්හි හෝ වේවා මහපොළොවේ හෝ වේවා අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඊට වඩා කුඩා දෙයක් හෝ විශාල දෙයක් හෝ තිබුණ ද එය පැහැදිලි ලේඛනයේ සඳහන් ව මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත.
34:4ජුස් 22 · පි. 428

لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۚ أُولَٰئِكَ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ4

(මෙය) විශ්වාස කොට යහකම් කළවුනට ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිසය. ඔවුනට සමාව හා ගෞරවනීය පෝෂණ සම්පත් ඇත්තවුන් ඔවුහුමය.
34:5ජුස් 22 · පි. 428

وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مِنْ رِجْزٍ أَلِيمٌ5

අපගේ වදන් පරාජය කිරීමට වෑයම් කළවුන්, තමන්ට වේදනීය නපුරු දඬුවම ඇත්තෝ ඔවුහුමය.
34:6ජුස් 22 · පි. 428

وَيَرَى الَّذِينَ أُوتُوا الْعِلْمَ الَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ هُوَ الْحَقَّ وَيَهْدِي إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ6

තවද ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරනු ලැබූ දෑ, එයමය සත්‍යය යැයි ද එය ප්‍රශංසාලාභී සර්ව බලධාරියාණන්ගේ මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි ද ඥානය දෙනු ලැබූවන් දකිනු ඇත.
34:7ජුස් 22 · පි. 428

وَقَالَ الَّذِينَ كَفَرُوا هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِي خَلْقٍ جَدِيدٍ7

නුඹලා පූර්ණ ලෙස කීතු කීතු වලට ඉරා දමනු ලැබූ විට, නියත වශයෙන්ම නව මැවීමක් තුළට නුඹලා පත් වීම ගැන නුඹලාට දැනුම් දෙන මිනිසෙකු සම්බන්ධයෙන් නුඹලාට අපි දන්වා සිටින්නදැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.
34:8ජුස් 22 · පි. 429

أَفْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَمْ بِهِ جِنَّةٌ ۗ بَلِ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ فِي الْعَذَابِ وَالضَّلَالِ الْبَعِيدِ8

ඔහු (මුහම්මද්) අල්ලාහ් වෙත ප්‍රබන්ධයන් ගෙතුවේ ද? එසේ නැතහොත් ඔහු උමතුවෙන් සිටී ද? නැත. මතු ලොව පිළිබඳ ව විශ්වාස නොකරන්නෝ දඬුවමෙහි හා අන්ත මුළාවෙහි පසුවෙති.
34:9ජුස් 22 · පි. 429

أَفَلَمْ يَرَوْا إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ إِنْ نَشَأْ نَخْسِفْ بِهِمُ الْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِنَ السَّمَاءِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِكُلِّ عَبْدٍ مُنِيبٍ9

අහසෙහි හා මහපොළොවෙහි ඔවුන් අතර ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ වෙත ඔවුහු නොබැලුවෝ ද? අපි අභිමත කරන්නේ නම් අපි ඔවුන් පොළොවට කිදා බස්වන්නෙමු. එසේ නැතහොත් අහසින් කැබැල්ලක් ඔවුන් වෙත වැටෙන්නට සලස්වමු. නියත වශයෙන්ම නැඹුරු වන සෑම ගැත්තෙකු සඳහාම එහි සංඥාවක් ඇත.
34:10ජුස් 22 · පි. 429

۞ وَلَقَدْ آتَيْنَا دَاوُودَ مِنَّا فَضْلًا ۖ يَا جِبَالُ أَوِّبِي مَعَهُ وَالطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ الْحَدِيدَ10

තවද සැබැවින්ම අපි අපගෙන් වූ භාග්‍යය දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ කඳු! ඔහු සමග නුඹලා ද සුවිශුද්ධ කරනු. තවද (එම නියෝගය) පක්ෂීන්ට ද විය. තවද අපි ඔහුට යකඩ මොළොක් කර දුන්නෙමු.
34:11ජුස් 22 · පි. 429

أَنِ اعْمَلْ سَابِغَاتٍ وَقَدِّرْ فِي السَّرْدِ ۖ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ بَصِيرٌ11

(ආරක්ෂිත යුද ඇඳුම්) සන්නාහ තනනු. තවද පුරුක් තුළ ප්‍රමාණයට තබනු. තවද නුඹලා යහකම් සිදු කරනු. නියත වශයෙන්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක වෙමි.
34:12ජුස් 22 · පි. 429

وَلِسُلَيْمَانَ الرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ وَأَسَلْنَا لَهُ عَيْنَ الْقِطْرِ ۖ وَمِنَ الْجِنِّ مَنْ يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِ ۖ وَمَنْ يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ السَّعِيرِ12

තවද සුලෙයිමාන්ට සුළඟ ද (අපි වසඟ කර දුනිමු.) එහි උදෑසන හමා යාම මසකි. තවද එහි සවස හමා යාම ද මසකි. තවද අපි ඔහුට තඹ උල්පත ගලන්නට සැලැස්වූයෙමු. තවද ජින්නුන් අතුරින් ඔහුගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන්නන් ද විය. ඔවුන් අතුරින් කවරෙකු අපගේ නියෝගයෙන් පෙරළී යන්නේ ද ඇවිළෙන ගින්නේ දඬුවම ඔහුට භුක්ති විඳින්නට සලස්වමු.
34:13ජුස් 22 · පි. 429

يَعْمَلُونَ لَهُ مَا يَشَاءُ مِنْ مَحَارِيبَ وَتَمَاثِيلَ وَجِفَانٍ كَالْجَوَابِ وَقُدُورٍ رَاسِيَاتٍ ۚ اعْمَلُوا آلَ دَاوُودَ شُكْرًا ۚ وَقَلِيلٌ مِنْ عِبَادِيَ الشَّكُورُ13

උස් ගොඩනැගිලි, ප්‍රතිමා, තටාක වැනි පාත්‍ර, (ආහාර පිසීම සඳහා) කල්දේරම් වැනි දැයින් ඔහු අභිමත කරන දෑ ඔවුහු ඔහුට සිදු කර දෙති. දාවූද්ගේ වැසියනි! ගුණගරුක ලෙසින් කටයුතු කරනු. මාගේ ගැත්තන් අතුරින් ගුණගරුක වනුයේ ස්වල්පයකි.
34:14ජුස් 22 · පි. 429

فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنْسَأَتَهُ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَنْ لَوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِ14

අපි ඔහු කෙරෙහි මරණය තීන්දු කළ කල්හි ඔහුගේ මරණය පිළිබඳ ව ඔහුගේ සැරයටිය සපාකන භූමියේ සතුන්ට හැර ඔවුන් වෙත දැනුම් දුන්නේ නැත. ඔහු බිම ඇද වැටුණු කල්හි ගුප්ත දෑ පිළිබඳ දැන සිටියේ නම් තමන් නින්දාසහගත දඬුවමෙහි රැඳී සිටින්නට නොතිබුණා යැයි ජින්නුන්ට පැහැදිලි විය.
34:15ජුස් 22 · පි. 430

لَقَدْ كَانَ لِسَبَإٍ فِي مَسْكَنِهِمْ آيَةٌ ۖ جَنَّتَانِ عَنْ يَمِينٍ وَشِمَالٍ ۖ كُلُوا مِنْ رِزْقِ رَبِّكُمْ وَاشْكُرُوا لَهُ ۚ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌ15

සබඃ වාසීන්ට ඔවුන්ගේ වාසස්ථාන වල සංඥාවක් විය. දකුණු පසින් හා වම් පසින් උයන් දෙකක් විය. නුඹලාගේ පරමාධිපතිගේ පෝෂණයෙන් නුඹලා අනුභව කරනු. තවද නුඹලා ඔහුට කෘතවේදී වනු. (එය) පිවිතුරු නගරයකි. අතික්ෂමාශීලී හිමියෙකි.
34:16ජුස් 22 · පි. 430

فَأَعْرَضُوا فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرِمِ وَبَدَّلْنَاهُمْ بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَيْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَيْءٍ مِنْ سِدْرٍ قَلِيلٍ16

නමුත් ඔවුහු පිටුපෑහ. එහෙයින් අපි ඔවුන් වෙත අරිම් (නම් මිටියාවතේ) ජල ගැල්ම ඔවුන් වෙත එව්වෙමු. තවද ඔවුන්ගේ උයන් දෙක වෙනුවට ඇඹුල් හා තිත්ත එමෙන්ම මසන් ගස් වලින් කිහිපයක් පමණක් සහිත උයන් දෙකක් බවට අපි ඔවුනට පෙරළා දුනිමු.
34:17ජුස් 22 · පි. 430

ذَٰلِكَ جَزَيْنَاهُمْ بِمَا كَفَرُوا ۖ وَهَلْ نُجَازِي إِلَّا الْكَفُورَ17

එය ඔවුන් ප්‍රතික්ෂේප කළ දෑ හේතුවෙන් අප ඔවුනට ප්‍රතිඵල වශයෙන් ලබා දුන්නකි. ගුණමකුවන්ට හැර අපි එම ප්‍රතිවිපාක ලබා දෙන්නෙමුද?
34:18ජුස් 22 · පි. 430

وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ الْقُرَى الَّتِي بَارَكْنَا فِيهَا قُرًى ظَاهِرَةً وَقَدَّرْنَا فِيهَا السَّيْرَ ۖ سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ18

ඔවුන් අතර හා එහි අපි සමෘද්ධිමත් කළ ගම්මානයන් අතර ප්‍රසිද්ධ ජනාවාස ඇති කළෙමු. තවද අපි එහි ගමන නිර්ණය කර දුන්නෙමු. නුඹලා එහි රාත්‍රියන්හි හා දහවල්කාලයන්හි සුරක්ෂිත ව ගමන් කරනු.
34:19ජුස් 22 · පි. 430

فَقَالُوا رَبَّنَا بَاعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوا أَنْفُسَهُمْ فَجَعَلْنَاهُمْ أَحَادِيثَ وَمَزَّقْنَاهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ19

“අපගේ පරමාධිපතියාණනි! අපගේ ගමන් අතර දුරස් කරනු මැනව” යැයි ඔවුහු පැවසූහ. ඔවුහු ඔවුනටම අපරාධ කර ගත්තෝය. එහෙයින් අපි ඔවුන් කතාන්තර බවට පත් කළෙමු. ඔවුන් කීතු කීතු වලට ඉරා දැමුවෙමු. නියත වශයෙන්ම එහි ඉවසිලිවන්ත කෘතවේදී සෑම කෙනෙකුටම සංඥා ඇත.
34:20ජුස් 22 · පි. 430

وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُ فَاتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِنَ الْمُؤْمِنِينَ20

ඉබ්ලීස් ඔවුන් වෙත ඔහුගේ සිතුවිලි සැබෑ කරවීය. එහෙයින් දෙවියන් විශ්වාස කරන්නන් අතුරින් පිරිසක් හැර ඔවුහු ඔහු (සත්‍යවාදියකු ලෙස සලකා) අනුගමනය කළෝය.
34:21ජුස් 22 · පි. 430

وَمَا كَانَ لَهُ عَلَيْهِمْ مِنْ سُلْطَانٍ إِلَّا لِنَعْلَمَ مَنْ يُؤْمِنُ بِالْآخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِي شَكٍّ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ21

තවද ඔවුන් කෙරෙහි ඔහුට කිසිදු ආධිපත්‍යයක් නොවීය. නමුත් මතු ලොව පිළිබඳ ව ඒ ගැන සැකයෙහි පසුවන අය අතුරින් විශ්වාස කරනුයේ කවුරුන්දැයි අප දැනගනු පිණිස මිස එව නොවීය. තවද ඔබේ පරමාධිපති සියලු දෑ සංරක්ෂා කරන්නාය.
34:22ජුස් 22 · පි. 430

قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِ اللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِنْ شِرْكٍ وَمَا لَهُ مِنْهُمْ مِنْ ظَهِيرٍ22

අල්ලාහ්ගෙන් තොර ව නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතුරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) ඔබ පවසනු.
34:23ජුස් 22 · පි. 431

وَلَا تَنْفَعُ الشَّفَاعَةُ عِنْدَهُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ ۚ حَتَّىٰ إِذَا فُزِّعَ عَنْ قُلُوبِهِمْ قَالُوا مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا الْحَقَّ ۖ وَهُوَ الْعَلِيُّ الْكَبِيرُ23

(මලක්වරු අතරින්) කවරෙකුට ඔහු අවසර දුන්නේ ද ඔහුට හැර ඔහු අබියස මැදිහත්වීම ප්‍රයෝජනවත් නොවෙයි. ඔවුන්ගේ හදවත් තුළින් බිය තුරන් කරනු ලැබූ විට නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැයි ඔවුහු විමසූහ. සත්‍යය යැයි ඔවුහු පැවසූහ. තවද ඔහු අතිශ්‍රේෂ්ඨ අති උත්තරීතරය.
34:24ජුස් 22 · පි. 431

۞ قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلِ اللَّهُ ۖ وَإِنَّا أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِي ضَلَالٍ مُبِينٍ24

“අහස් වලින් හා මහපොළොවේ නුඹලාට පෝෂණය දෙනුයේ කවුදැයි” (නබිවරය!) ඔබ විමසනු. “අල්ලාහ්” යැයි ඔබ පවසනු. “තවද නියත වශයෙන්ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහ මග මත හෝ එසේ නැතහොත් පැහැදිලි මුළාවෙහි සිටිනුයේ?”
34:25ජුස් 22 · පි. 431

قُلْ لَا تُسْأَلُونَ عَمَّا أَجْرَمْنَا وَلَا نُسْأَلُ عَمَّا تَعْمَلُونَ25

“අප කළ වැරදි පිළිබඳ නුඹලා විමසනු නොලබන්නෙහුය. එමෙන්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අපි විමසනු නොලබන්නෙමු” යැයි (නබිවරය!) ඔබ පවසනු.
34:26ජුස් 22 · පි. 431

قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِالْحَقِّ وَهُوَ الْفَتَّاحُ الْعَلِيمُ26

“අපගේ පරමාධිපති අප අතර එක්රැස් කර යුක්තියෙන් යුතු ව අප අතර තීන්දු දෙයි. තවද ඔහු සර්වඥානී මහා තීරකය” යැයි පවසනු.
34:27ජුස් 22 · පි. 431

قُلْ أَرُونِيَ الَّذِينَ أَلْحَقْتُمْ بِهِ شُرَكَاءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ27

“නුඹලා හවුල්කරුවන් ලෙස ඔහු සමඟ සම්බන්ධ කළ අය මා හට පෙන්වනු. එසේ නොව, අල්ලාහ් වන ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරීයය” යැයි පවසනු.
34:28ජුස් 22 · පි. 431

وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ28

මිනිස් සංහතියට සමස්තයක් වශයෙන් ශුභාරංචි දන්වන්නකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි ඔබ නොඑව්වෙමු. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති.
34:29ජුස් 22 · පි. 431

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ29

තවද “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ”යි ඔවුහු විමසති.
34:30ජුස් 22 · පි. 431

قُلْ لَكُمْ مِيعَادُ يَوْمٍ لَا تَسْتَأْخِرُونَ عَنْهُ سَاعَةً وَلَا تَسْتَقْدِمُونَ30

“එක් දිනක ප්‍රතිඥාව නුඹලාට ඇත. නුඹලා එයින් මොහොතක් හෝ ප්‍රමාද නොවනු ඇත. තවද නුඹලා පෙරටු වන්නේ ද නැත” යැයි පවසනු.
34:31ජුස් 22 · පි. 431

وَقَالَ الَّذِينَ كَفَرُوا لَنْ نُؤْمِنَ بِهَٰذَا الْقُرْآنِ وَلَا بِالَّذِي بَيْنَ يَدَيْهِ ۗ وَلَوْ تَرَىٰ إِذِ الظَّالِمُونَ مَوْقُوفُونَ عِنْدَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ الْقَوْلَ يَقُولُ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا لَوْلَا أَنْتُمْ لَكُنَّا مُؤْمِنِينَ31

“සැබැවින්ම අපි මෙම කුර්ආනය හා එය ඉදිරියේ ඇති දෑ විශ්වාස නොකරන්නෙමු” යැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියහ. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් හිටවනු ලැබූ විට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත (දොස් නගා) ප්‍රකාශ යොමු කරනු ඔබ දුටුවේ නම්, දුර්වල වූවන් උඩඟු වූවන් දෙස බලා ‘නුඹලා නොවී නම් අපි දෙවියන් විශ්වාස කරන්නන් වන්නට තිබුණි’ යැයි පවසති.
34:32ජුස් 22 · පි. 432

قَالَ الَّذِينَ اسْتَكْبَرُوا لِلَّذِينَ اسْتُضْعِفُوا أَنَحْنُ صَدَدْنَاكُمْ عَنِ الْهُدَىٰ بَعْدَ إِذْ جَاءَكُمْ ۖ بَلْ كُنْتُمْ مُجْرِمِينَ32

උඩඟු වූවෝ දුර්වල වූවන් දෙස බලා “නුඹලා වෙත යහ මග පැමිණීමෙන් පසු ව එයින් වැළැක්වූයේ අප දැ”යි විමසති. “එසේ නොව නුඹලා වැරදි කරමින් සිටින්නෝ වූහ.”
34:33ජුස් 22 · පි. 432

وَقَالَ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا بَلْ مَكْرُ اللَّيْلِ وَالنَّهَارِ إِذْ تَأْمُرُونَنَا أَنْ نَكْفُرَ بِاللَّهِ وَنَجْعَلَ لَهُ أَنْدَادًا ۚ وَأَسَرُّوا النَّدَامَةَ لَمَّا رَأَوُا الْعَذَابَ وَجَعَلْنَا الْأَغْلَالَ فِي أَعْنَاقِ الَّذِينَ كَفَرُوا ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ33

දුර්වල වූවන් උඩගු වූවන් දෙස බලා “එසේ නොව (ඊට හේතුව) අල්ලාහ් ව අප ප්‍රතික්ෂේප කරන්නටත් ඔහුට අප සමානයන් තබන්නටත් අප වෙත නුඹලා අණ කරමින් රාත්‍රියෙහි හා දහවලෙහි කළ කුමන්ත්‍රණය වේ” යැයි පවසති. දඬුවම ඔවුහු දුටු කළ පසුතැවිල්ලට පත් වෙති. ප්‍රතික්ෂේප කළවුන්ගේ ගෙලවල්හි අපි විලංගු දමන්නෙමු. ඔවුන් සිදුකරමින් සිටි දෑට මිස ඔවුන් ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ද?
34:34ජුස් 22 · පි. 432

وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِنْ نَذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ34

කිසියම් ගම්මානයකට අවවාද කරන්නෙකු අප යැවූ විට එහි සැපවත් ජීවිතයක් ගත කරමින් සිටියවුන් ‘කවර කරුණක් නුඹලා වෙත එවනු ලබන්නේ ද එය අපි ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියා මිස නැත.
34:35ජුස් 22 · පි. 432

وَقَالُوا نَحْنُ أَكْثَرُ أَمْوَالًا وَأَوْلَادًا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ35

තවද “අපි ධනයෙන් හා දරුවන්ගෙන් අධික අය වන්නෙමු. තවද අපි දඬුවම් කරනු ලබන්නන් අතුරින් නොවෙමු” යැයි ඔවුහු පැවසූහ.
34:36ජුස් 22 · පි. 432

قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ36

“නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තවද ඔහු සීමා කරයි. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති” යැයි (නබිවරය) පවසනු.
34:37ජුස් 22 · පි. 432

وَمَا أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ بِالَّتِي تُقَرِّبُكُمْ عِنْدَنَا زُلْفَىٰ إِلَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَٰئِكَ لَهُمْ جَزَاءُ الضِّعْفِ بِمَا عَمِلُوا وَهُمْ فِي الْغُرُفَاتِ آمِنُونَ37

නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් හෝ අප අබියසට නුඹලාව සමීප කරවන්නක් ලෙස නොමැත. නමුත් විශ්වාස කොට යහකම් කළ අය හැර, ඔවුන් සිදු කළ දෑ සඳහා දෙගුණයක් ප්‍රතිඵල ඇත්තෝ ඔවුහුමය. තවද ඔවුහු (ස්වර්ග) කුටි වල සුරක්ෂිතයෝ වෙති.
34:38ජුස් 22 · පි. 432

وَالَّذِينَ يَسْعَوْنَ فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ38

තවද අපගේ වදන් නිශ්ඵල කරන්නට කැප වී සිටින්නන් වන ඔවුහු දඬුවමට සම්මුඛ කරනු ලබන්නෝ වෙති.
34:39ජුස් 22 · පි. 432

قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ ۚ وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهُوَ يُخْلِفُهُ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ39

“නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහුට (එය) සීමා කරයි. තවද නුඹලා කවර දෙයක් වියදම් කරන්නෙහු ද එය ඔහුට පසු ගෙවනු ඇත. තවද ඔහු පෝෂණ සම්පත් ලබා දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය” යැයි (නබිවරය) පවසනු.
34:40ජුස් 22 · පි. 433

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ يَقُولُ لِلْمَلَائِكَةِ أَهَٰؤُلَاءِ إِيَّاكُمْ كَانُوا يَعْبُدُونَ40

තවද එදින ඔහු ඔවුන් සියලු දෙනා එක්රැස් කොට “නුඹලාව නමදිමින් සිටියවුන් මොවූහු දැ?”යි විමසයි.
34:41ජුස් 22 · පි. 433

قَالُوا سُبْحَانَكَ أَنْتَ وَلِيُّنَا مِنْ دُونِهِمْ ۖ بَلْ كَانُوا يَعْبُدُونَ الْجِنَّ ۖ أَكْثَرُهُمْ بِهِمْ مُؤْمِنُونَ41

“ඔබ සුවිශුද්ධය. ඔවුන් නොව ඔබමය අපගේ භාරකරු. නමුත් ඔවුහු ජින්නුන්ට ගැතිකම් කරමින් සිටියහ. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් ගැන විශ්වාස කරන්නෝ යැ”යි ඔවුහු පවසති.
34:42ජුස් 22 · පි. 433

فَالْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَفْعًا وَلَا ضَرًّا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا ذُوقُوا عَذَابَ النَّارِ الَّتِي كُنْتُمْ بِهَا تُكَذِّبُونَ42

එහෙයින් අද දින නුඹලා අතුරින් ඇතැමෙකු ඇතැමෙකුට ප්‍රයෝජනයක් කිරීමට හෝ හිංසාවක් කිරීමට හෝ සතු නොවෙයි. “නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම භුක්ති විඳිනු”යැයි අපරාධ කළවුනට අපි පවසන්නෙමු.
34:43ජුස් 22 · පි. 433

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالُوا مَا هَٰذَا إِلَّا رَجُلٌ يُرِيدُ أَنْ يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُكُمْ وَقَالُوا مَا هَٰذَا إِلَّا إِفْكٌ مُفْتَرًى ۚ وَقَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ43

ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් පාරායනය කරනු ලබන විට “ඔහු නුඹලාගේ මුතුන් මිත්තන් ගැතිකම් කරමින් සිටි දැයින් නුඹලා වළක්වන්නට බලන මිනිසෙකු මිස නැතැයි” ඔවුහු පැවසූහ. තවද “මෙය ගොතනු ලැබූ ප්‍රබන්ධයක් මිස නැතැයි” ද ඔවුහු පැවසූහ. ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි” එය ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.
34:44ජුස් 22 · පි. 433

وَمَا آتَيْنَاهُمْ مِنْ كُتُبٍ يَدْرُسُونَهَا ۖ وَمَا أَرْسَلْنَا إِلَيْهِمْ قَبْلَكَ مِنْ نَذِيرٍ44

ඔවුන් ඒවා හැදෑරිය හැකි ග්‍රන්ථ වලින් අපි ඔවුනට නොදුන්නෙමු. තවද (නබිවරය!) ඔබට පෙර කිසිදු අවවාද කරන්නකු අපි ඔවුන් වෙත නොඑව්වෙමු.
34:45ජුස් 22 · පි. 433

وَكَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَمَا بَلَغُوا مِعْشَارَ مَا آتَيْنَاهُمْ فَكَذَّبُوا رُسُلِي ۖ فَكَيْفَ كَانَ نَكِيرِ45

ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝය. අප ඔවුනට දුන් දැයින් දහයෙන් කොටසක් හෝ ඔවුහු නොලැබූහ. නමුත් ඔවුහු මාගේ දූතවරු බොරු යැයි පැවසූහ. එසේ නම් මාගේ දඬුවම කෙසේ වීද?
34:46ජුස් 22 · පි. 433

۞ قُلْ إِنَّمَا أَعِظُكُمْ بِوَاحِدَةٍ ۖ أَنْ تَقُومُوا لِلَّهِ مَثْنَىٰ وَفُرَادَىٰ ثُمَّ تَتَفَكَّرُوا ۚ مَا بِصَاحِبِكُمْ مِنْ جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَكُمْ بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ46

“නියත වශයෙන්ම මම නුඹලාට උපදෙස් දෙනුයේ එක් දෙයක් පිළිබඳවය. එනම් නුඹලා අල්ලාහ් වෙනුවෙන් දෙදෙනා බැගින් හෝ තනි ව හෝ නැගී සිට පසුව සිතා බලනු. නුඹලාගේ සහචරයාට උමතුවක් නැත. ඉදිරියේ ඇති දැඩි දඬුවම පිළිබඳ නුඹලාට අවවාද කරන්නකු මිස ඔහු නැත” යැයි (නබිවරය!) ඔබ පවසනු.
34:47ජුස් 22 · පි. 433

قُلْ مَا سَأَلْتُكُمْ مِنْ أَجْرٍ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ47

“මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය නුඹලා සතුය. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස නැත. තවද ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය” යැයි ඔබ පවසනු.
34:48ජුස් 22 · පි. 433

قُلْ إِنَّ رَبِّي يَقْذِفُ بِالْحَقِّ عَلَّامُ الْغُيُوبِ48

“නියත වශයෙන්ම ගුප්ත දෑ පිළිබඳ මහා ඥානියා වූ මාගේ පරමාධිපති සත්‍යය පැහැදිලි කරනු ඇතැයි” නබිවරය ඔබ පවසනු.
34:49ජුස් 22 · පි. 434

قُلْ جَاءَ الْحَقُّ وَمَا يُبْدِئُ الْبَاطِلُ وَمَا يُعِيدُ49

“සත්‍යය පැමිණියේය. අසත්‍යය (කිසිවක්) ආරම්භ නොකරයි. එමෙන්ම නැවත යොමු නොකරයි” යැයි ඔබ පවසනු.
34:50ජුස් 22 · පි. 434

قُلْ إِنْ ضَلَلْتُ فَإِنَّمَا أَضِلُّ عَلَىٰ نَفْسِي ۖ وَإِنِ اهْتَدَيْتُ فَبِمَا يُوحِي إِلَيَّ رَبِّي ۚ إِنَّهُ سَمِيعٌ قَرِيبٌ50

“මම නොමග ගියේ නම් එසේ මම නියත වශයෙන්ම නොමග යනුයේ මටම එරෙහිවය. තවද මම (යහ)මග ලැබුවේ නම් එය මා වෙත මාගේ පරමාධිපති දන්වා සිටි දෑ හේතුවෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. ඉතා සමීපය” යැයි (නබිවරය!) පවසනු.
34:51ජුස් 22 · පි. 434

وَلَوْ تَرَىٰ إِذْ فَزِعُوا فَلَا فَوْتَ وَأُخِذُوا مِنْ مَكَانٍ قَرِيبٍ51

ඔවුහු තැතිගත් අවස්ථාව ඔබ දකින්නෙහි නම්, එවිට (ඔවුනට) මිදීමක් නැත. තවද ඔවුහු සමීප ස්ථානයකින් හසුකර ගනු ලබන්නෝය.
34:52ජුස් 22 · පි. 434

وَقَالُوا آمَنَّا بِهِ وَأَنَّىٰ لَهُمُ التَّنَاوُشُ مِنْ مَكَانٍ بَعِيدٍ52

“අපි (දැන්) එය විශ්වාස කළෙමු” යැයි ඔවුහු පවසති. තවද දූර ස්ථානයකින් ඔවුන් විශ්වාසය ලැබීම ඔවුනට කෙසේ නම් විය හැකිද?
34:53ජුස් 22 · පි. 434

وَقَدْ كَفَرُوا بِهِ مِنْ قَبْلُ ۖ وَيَقْذِفُونَ بِالْغَيْبِ مِنْ مَكَانٍ بَعِيدٍ53

මීට පෙර ද සැබැවින්ම ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. තවද ඔවුහු දූර ස්ථානයක සිට ගුප්තය පිළිබඳ සැක පහළ කරති.
34:54ජුස් 22 · පි. 434

وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِمْ مِنْ قَبْلُ ۚ إِنَّهُمْ كَانُوا فِي شَكٍّ مُرِيبٍ54

මීට පෙර ඔවුනට සමාන වූවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවාක් මෙන් ඔවුන් අතර හා ඔවුන් ආශා කරන දෑ අතර බාධක දමනු ලැබීය. නියත වශයෙන්ම ඔවුහු අන්ත සැකයෙහි සිටියහ.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Muhammad Jibreel - Saba · Tlawati