සූරා 34 · ජුස් 22
Saba · 34:28
وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
මිනිස් සංහතියට සමස්තයක් වශයෙන් ශුභාරංචි දන්වන්නකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි ඔබ නොඑව්වෙමු. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති.
තෆ්සීර්
අහෝ දූතය! අපි නුඹව මිනිස් සමූහයා වෙත පොදුවේ යැව්වෙමු. දේව භක්තිකයින්හට ස්වර්ගය හිමි බව සුභාරංචි දන්වන්නෙකු ලෙසත් දේව ප්රතික්ෂේපිත හා පාපිෂ්ඨ ජනයාට නිරා ගින්න ගැන අවවාද කරන්නෙකු ලෙසත් මිස අපි නුඹ ව ඔවුන් අතරට නොයැව්වෙමු. නමුත් බහුතරයක් ජනයා ඒ ගැන වටහා නොගනිති. ඔවුහු ඒ ගැන වටහා ගත්තේ නම් ඔවුහු නුඹට බොරු නොකරන්නට තිබුණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න