සූරා 34 · ජුස් 22

Saba · 34:27

قُلْ أَرُونِيَ الَّذِينَ أَلْحَقْتُمْ بِهِ شُرَكَاءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ

“නුඹලා හවුල්කරුවන් ලෙස ඔහු සමඟ සම්බන්ධ කළ අය මා හට පෙන්වනු. එසේ නොව, අල්ලාහ් වන ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරීයය” යැයි පවසනු.

තෆ්සීර්

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නැමදුමෙහි අල්ලාහ් සමග නුඹලා හවුල් කරමින් ඔහුට සමානයන් පත් කළ අය නුඹලා මට පෙන්වනු. එසේ නොව, සැබැවින්ම ඔහුට හවුල්කරුවන් ඇතැයි නුඹලා විචිත්රවත් කරන පරිදි එම කරුණ නැත. නමුත් ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අල්ලාහ්ය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න