සූරා 34 · ජුස් 22
Saba · 34:26
قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِالْحَقِّ وَهُوَ الْفَتَّاحُ الْعَلِيمُ
“අපගේ පරමාධිපති අප අතර එක්රැස් කර යුක්තියෙන් යුතු ව අප අතර තීන්දු දෙයි. තවද ඔහු සර්වඥානී මහා තීරකය” යැයි පවසනු.
තෆ්සීර්
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප අතර හා නුඹලා අතර අල්ලාහ් එක්රැස් කරනු ඇත. පසු ව අප අතර හා නුඹලා අතර යුක්ති ධර්මය අනුව තීන්දු පිරිනමනු ඇත. සත්යවාදියා අසත්යවාදියාගෙන් පැහැදිලිව වෙන් කරනු ඇත. සාධාරණත්වය අනුව තීන්දු ලබා දෙන තීරකයා ඔහුය. ඔහු කවර තීන්දුවක් පිරිනමන්නේ ද ඒ ගැන මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න