සූරා 34 · ජුස් 22
Saba · 34:9
أَفَلَمْ يَرَوْا إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ إِنْ نَشَأْ نَخْسِفْ بِهِمُ الْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِنَ السَّمَاءِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِكُلِّ عَبْدٍ مُنِيبٍ
අහසෙහි හා මහපොළොවෙහි ඔවුන් අතර ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ වෙත ඔවුහු නොබැලුවෝ ද? අපි අභිමත කරන්නේ නම් අපි ඔවුන් පොළොවට කිදා බස්වන්නෙමු. එසේ නැතහොත් අහසින් කැබැල්ලක් ඔවුන් වෙත වැටෙන්නට සලස්වමු. නියත වශයෙන්ම නැඹුරු වන සෑම ගැත්තෙකු සඳහාම එහි සංඥාවක් ඇත.
තෆ්සීර්
යළි අවදි කරනු ලැබීම බොරු කරන මොවුහු මිහිතලයේ ඔවුන් ඉදිරියේ ඇති දෑ ගැන ද ඔවුනට පසුපසින් අහසේ ඇති දෑ ගැන ද ඔවුහු නොදුටුවෝද? ඔවුන්ගේ පාදවලට යටින් මහපොළොව කිඳා බැස්සවීමට අපි අභිමත කරන්නේ නම් ඔවුනට පහළින් අපි එය කිදා බස්සවන්නෙමු. එමෙන්ම අහසින් කැබැල්ලක් ඔවුන් මත වට්ටවන්නට අපි අභිමත කරන්නේ නම් ඔවුන් මත අපි අහසින් කැබැල්ලක් වට්ටවන්නෙමු. සැබැවින්ම මෙහි තම පරමාධිපතිට අවනත වීම සඳහා බොහෝ සේ යොමුවන සෑම ගැත්තෙකුහටම අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන තිරසාර සළකුණක් ඇත. ඒ සඳහා බලය ඇත්තා නුඹලාගේ මරණයෙන් පසු ව නුඹලාගේ ශරීර කීතුවලට ඉරී ගිය පසු ව නුඹලාව යළි අවදි කිරීමට බලය ඇත්තාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න