සූරා 34 · ජුස් 22
Saba · 34:10
۞ وَلَقَدْ آتَيْنَا دَاوُودَ مِنَّا فَضْلًا ۖ يَا جِبَالُ أَوِّبِي مَعَهُ وَالطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ الْحَدِيدَ
තවද සැබැවින්ම අපි අපගෙන් වූ භාග්යය දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ කඳු! ඔහු සමග නුඹලා ද සුවිශුද්ධ කරනු. තවද (එම නියෝගය) පක්ෂීන්ට ද විය. තවද අපි ඔහුට යකඩ මොළොක් කර දුන්නෙමු.
තෆ්සීර්
සැබැවින්ම අපි දාවූද් (අලයිහිස් සලාම්) තුමාට අප විසින් නබිත්වය හා පාලන බලය පිරිනැමුවෙමු. අපි කඳු දෙස බලා: අහෝ කඳු! දාවූද් සමග නුඹ මා සුවිශුද්ධ කරනු. පක්ෂීන්ට අප පැවසුවේ ද මෙලෙසමය. ඔහු කැමති මෙවලමක් යකඩින් සාදා ගනු පිණිස අපි ඔහුට එය මොලොක් කර දුන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න