සූරා 34 · ජුස් 22

Saba · 34:11

أَنِ اعْمَلْ سَابِغَاتٍ وَقَدِّرْ فِي السَّرْدِ ۖ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ بَصِيرٌ

(ආරක්ෂිත යුද ඇඳුම්) සන්නාහ තනනු. තවද පුරුක් තුළ ප්‍රමාණයට තබනු. තවද නුඹලා යහකම් සිදු කරනු. නියත වශයෙන්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක වෙමි.

තෆ්සීර්

අහෝ දාවූද්! ඔවුන්ගේ සතුරන්ගෙන් ඔබේ රණකාමීන් ආරක්ෂා කරන විශාල පලිහ තනන්නටත් සිදුරට ගැලපෙන ඇණ සකසා ගන්නටත් ඒවාහි නොරැඳෙන පරිදි සියුම් ව හෝ එහි පිවිසිය නොහැකි පරිදි ඝන ව හෝ නුඹ ඒවා සකස් නොකර ප්රමාණයට සකස් කර ගැනීමටත් (යකඩ මොලොක් කර දුන්නෙමු.) නුඹලා දැහැමි ක්රියාවන්හි නිරත වනු. සැබැවින්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක වෙමි. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් මට සැඟවෙන්නේ නැත. ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න