සූරා 34 · ජුස් 22

Saba · 34:12

وَلِسُلَيْمَانَ الرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ وَأَسَلْنَا لَهُ عَيْنَ الْقِطْرِ ۖ وَمِنَ الْجِنِّ مَنْ يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِ ۖ وَمَنْ يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ السَّعِيرِ

තවද සුලෙයිමාන්ට සුළඟ ද (අපි වසඟ කර දුනිමු.) එහි උදෑසන හමා යාම මසකි. තවද එහි සවස හමා යාම ද මසකි. තවද අපි ඔහුට තඹ උල්පත ගලන්නට සැලැස්වූයෙමු. තවද ජින්නුන් අතුරින් ඔහුගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන්නන් ද විය. ඔවුන් අතුරින් කවරෙකු අපගේ නියෝගයෙන් පෙරළී යන්නේ ද ඇවිළෙන ගින්නේ දඬුවම ඔහුට භුක්ති විඳින්නට සලස්වමු.

තෆ්සීර්

උදෑසන මසක දුරක් ගමන් කළ හැකි, සවස මසක දුරක් ගමන් කළ හැකි සුළඟ දාවූද්ගේ පුත් සුලෙයිමාන්ට අපි වසඟ කර දුනිමු. තඹවලින් ඔහු කැමති දෑ නිර්මාණය කරනු පිණිස ඔහු වෙනුවෙන් තඹ උල්පත් ගලන්නට සැලැස්වූයෙමු. ජින්නුන් අතරින් තම පරමාධිපතිගේ නියෝගය අනුව ඔහු අබියස සේවය කරන්නන් අපි ඔහුට වසඟ කර දුන්නෙමු. අපි කවර ක්රියාවක් ජින්නුන්හට අණ කර සිටියෙම් ද එයින් නැඹුරු වූ ජින්නුන් හට දළුලා ඇවිළෙන නිරා ගින්නේ දඬුවමින් විඳවන්නට සළස්වමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න