සූරා 34 · ජුස් 22
Saba · 34:13
يَعْمَلُونَ لَهُ مَا يَشَاءُ مِنْ مَحَارِيبَ وَتَمَاثِيلَ وَجِفَانٍ كَالْجَوَابِ وَقُدُورٍ رَاسِيَاتٍ ۚ اعْمَلُوا آلَ دَاوُودَ شُكْرًا ۚ وَقَلِيلٌ مِنْ عِبَادِيَ الشَّكُورُ
උස් ගොඩනැගිලි, ප්රතිමා, තටාක වැනි පාත්ර, (ආහාර පිසීම සඳහා) කල්දේරම් වැනි දැයින් ඔහු අභිමත කරන දෑ ඔවුහු ඔහුට සිදු කර දෙති. දාවූද්ගේ වැසියනි! ගුණගරුක ලෙසින් කටයුතු කරනු. මාගේ ගැත්තන් අතුරින් ගුණගරුක වනුයේ ස්වල්පයකි.
තෆ්සීර්
සුලෙයිමාන් තුමා සිතන පරිදි නැමදුම් සඳහා අවශ්ය මස්ජිද් හා බලකොටු එතුමා සිතන රූප, එතුමා සිතන පරිදි විශාල පොකුණු මෙන් වූ ජලතටාක ස්ථීරව පවතින ආහාර පිසින කල්දේරම් වැනි දෑ මෙම ජින්නුන් එතුමාට සිදු කර දුන්නේය. ඒවායෙහි විශාලත්වය හේතුවෙන් ඒවා නොසෙල්විය. ‘අහෝ දාවූද්ගේ ජනයිනි! නුඹලාට කවර කරුණක් අල්ලාහ් ආශිර්වාද කළේ ද ඒ වෙනුවෙන් ඔහුට කෘතඥ වනු. මාගේ ගැත්තන් අතරින් මා ආශිර්වාද කළ දෑ සඳහා කෘතඥ වනුයේ ස්වල්ප දෙනෙකු පමණි’ යැයි අපි ඔවුනට පැවසුවෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න