සූරා 34 · ජුස් 22
Saba · 34:14
فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنْسَأَتَهُ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَنْ لَوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِ
අපි ඔහු කෙරෙහි මරණය තීන්දු කළ කල්හි ඔහුගේ මරණය පිළිබඳ ව ඔහුගේ සැරයටිය සපාකන භූමියේ සතුන්ට හැර ඔවුන් වෙත දැනුම් දුන්නේ නැත. ඔහු බිම ඇද වැටුණු කල්හි ගුප්ත දෑ පිළිබඳ දැන සිටියේ නම් තමන් නින්දාසහගත දඬුවමෙහි රැඳී සිටින්නට නොතිබුණා යැයි ජින්නුන්ට පැහැදිලි විය.
තෆ්සීර්
අපි සුලෙයිමාන්ට මරණය තීන්දු කළ කල්හි සැබැවින්ම හෙතෙම මිය යන බව පොළොවට සිටවා තිබූ ඔහුගේ සැරයටිය කා දමන පොළොවේ කෘමීන් හැර සෙසු ජින්නුන්හට මග පෙන්වනු නොලැබීය. හෙතෙම බිම ඇද වැටුණු කල්හි සැබැවින්ම තමන් ගුප්ත දෑ පිළිබඳ දැනුම නොමැත්තන් බව ඔවුනට පැහැදිලි විය. එය ඔවුන් දැන සිටියේ නම් ඔවුනට අත්වන නින්දා සහගත දඬුවමෙහි ඔවුහු රැඳී නොසිටින්නට තිබිණ. තවද සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා වෙනුවෙන් ඔවුන් වෙහෙස මහන්සියෙන් සිදු කරමින් සිටි ක්රියාවන් සැබැවින්ම ඔහු ඔවුන් ජීවමානව සිට නිරීක්ෂා කරමින් සිටින බව හැඟීමෙන් යුතු ව මිස කටයුතු කළේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න