සූරා 34 · ජුස් 22
Saba · 34:15
لَقَدْ كَانَ لِسَبَإٍ فِي مَسْكَنِهِمْ آيَةٌ ۖ جَنَّتَانِ عَنْ يَمِينٍ وَشِمَالٍ ۖ كُلُوا مِنْ رِزْقِ رَبِّكُمْ وَاشْكُرُوا لَهُ ۚ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌ
සබඃ වාසීන්ට ඔවුන්ගේ වාසස්ථාන වල සංඥාවක් විය. දකුණු පසින් හා වම් පසින් උයන් දෙකක් විය. නුඹලාගේ පරමාධිපතිගේ පෝෂණයෙන් නුඹලා අනුභව කරනු. තවද නුඹලා ඔහුට කෘතවේදී වනු. (එය) පිවිතුරු නගරයකි. අතික්ෂමාශීලී හිමියෙකි.
තෆ්සීර්
සබඃ ගෝත්රයට ඔවුන් ජීවත් වූ ඔවුන්ගේ වාසස්ථානයන්හි අල්ලාහ්ගේ ශක්තිය හා ඔහු ඔවුනට පිරිනැමූ ආශිර්වාදයන් එළිපිටම පෙන්වා දෙන සංඥාවක් විය. එය උයන් දෙකකි. ඒ දෙකින් එකක් දකුණු දෙසින් ද දෙවැන්න වම් දෙසින් ද පිහිටා තිබුණි. අපි ඔවුනට, ‘නුඹලාගේ පරමාධිපතිගේ පෝෂණයෙන් නුඹලා අනුභව කරනු. ඔහුගේ ආශිර්වාදයන් සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. මෙය ඉතා සුන්නදර දේශයකි. පරමාධිපතියාණන් වන මේ අල්ලාහ් අතික්ෂමාශීලීය. ඔහු වෙත පාපක්ෂමාව අයදින්නන්ගේ පාපකම්වලට සමාව දෙනු ඇත.' යැයි පැවසුවෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න